saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4555 hours ago

LATEST

චාමිකව කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කරයි

calendar_today 2022 නොවැ 15 - 16:56 remove_red_eye - 990  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කර ඇත.

බිත්තර සඳහා කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරි දින කිහිපයේදී සියලු හෝටල් වැසි යනු ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Read More

ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළ බවත් බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක බවත් වාර්තා වේ.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් අයි.පී.එල්. තරග බිමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු මෙවර (2024) තරගවාරයේ පටන් ඔහුට මුම්බායි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read More

මෙවර අයවැයෙන් වතු කම්කරු ජනතාව ඇතලු මහපොළවේ ජීවත් වන ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත්, මෙම අයවැය ලේකනය සංශෝධනය කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පැවසීය.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග ’’නව සීතල යුද්ධයක්’’ ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට, සියඹලාපිටිය විදුහල අසලදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (15දා) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

සමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිස් වාහනයක් පෙරළන ආකාරයයි.

Read More

මීගමුව සහ කුරණ දුම්රිය ස්ථාන අතර දී දුම්රියක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක ගැටී අනතුරකට ලක් වී තිබේ. එම අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Read More

හයිබතුල්ලා අකුන්සාඩා යනු තලේබාන් සංවිධානයේ තුන්වැනි උත්තරීතර අණ දෙන නිලධාරියා වන දේශපාලන හා ආගමික නායකයෙකි.

Read More

මෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා මෙන්ම පී.බී.ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයා මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුවක් පිහිටවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙවර අයවැයට පක්ෂ වීමෙන් සිදු වන්නේ ඔලුවෙන් සිට ගැනීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

මැයි මස 9දා කලහකාරී සිදුවීමේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතු‍කෝරාළ මහතාගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණි.

Read More

මෙවර අයවැය මගින් කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැමැති දේහය කරේ තබාගෙන උඩුගම්බලා පිහිනීමක් සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

පොලිස් රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.

Read More

අවිස්සාවේල්ල මාරඹේ ග්‍රාමීය බැංකුව ට ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක පමණ රන් ආභරණ සහ මුදල් අඩංගුව තිබූ සේප්පුව සොරා ගත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවිස්සාවේල්ල පොලිසිය මහජන සහය පතයි

Read More

විදේශයේ නිශ්පාදිත ජීව අත්බෝම්බයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයෙකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බවට වැලිඔය පොලීසිය පවසයි.

Read More

මාතලේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියන් 40ක් පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15දා) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කිතුල් රා සඳහාත් නීතිමය සහනයක් ලබාදෙන ලෙස ඌව පළාතේ කිතුල් කර්මාන්ත කරුවෝ ඉල්ලා සිටිති .

Read More

සෞදි අරාබියේ ඉංජිනේරු හා තාක්ෂණ (Technicians)ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගත වීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ.

Read More

දූෂිතයන් සහ නාස්ති කරුවන් වටකර ගනිමින් රටේ ආර්ථිකය ගොඩ ගන්න පදනමක් සකස් කර ගැනීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

2023 වසර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14දා) ඉදිරිපත් කල අයවැය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාට ජිවත් විමට සැදු අයවැයක් බවත්, අහිංසක ගොවියා සහ විදේශ ශ්‍රමිකයන් ගැන නොසිතු අයවැයක් බව ව්‍යාපාරික දහනායක බණ්ඩාර මහතා පැවසිය.

Read More

ඉහළ ජනන පිරිවැය හේතුවෙන් රජය අගෝස්තු මාසයේදී සාමාන්‍ය විදුලි ගාස්තුව සියයට 75 කින් පමණ ඉහළ දැමීමට කටයුතු කළේය. ’’නව ගාස්තු ඉහළ දැමීම ඉහළ ජනන පිරිවැය අනුව ලංවිමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි අපි විශ්වාස නොකරමු නමුත් එය පාඩු අවම කර ගැනීමට උපකාරී වනු ඇත’’ යනුවෙන් ෆිච් රේටිංග් ආයතනය පවසයි.

Read More

මහ වැසි ඇද වැටිම ආරම්භ විමත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය මේ වන විට වාන් දැමිම ආරම්භ කර ඇති බව පුත්තලම වාරි මාර්ග ඉංජීනේරු කාර්යාලය කියයි.

Read More
හවසට තද වැසි
15 11 2022 09:25:00
0 201

පස්වරු 2න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, ඌව හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

මීරිගම - පස්යාල මාරගේ කොටකන්ද හන්දිය ආසන්නයේදි මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු හා දියණියක හප්පා පලාගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.

Read More

මාතලේ, රණබිම ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසළ නිවසක සිටි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමු දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

තමන් සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර වාර්තා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, කලාපයේ කාර්යක්ෂම වරාය බවට පත්වීමේ අරමුණ කරා වේගයෙන් ළගා වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසිය.

Read More

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.