saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4452 hours ago

LATEST

අවු. 5ට අඩු දරුවන්ගෙන් සියයට 50කට මන්දපෝෂණය

calendar_today 2022 දෙසැ 09 - 18:58 remove_red_eye - 253  

- ගර්භනී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය පහතට - පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් පාර්ලිමේන්තුවේදී හෙළිවිය.

දේශීය ආදායම් (සංශෝධන) බදු පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අද පස්වරුවේ මේ වෙනුවෙන් පැවති තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණි.

Read More

ආනයනික කිරිපිටි ග්‍රෑම් 425ක පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. මේ අනුව ආනයනික ග්‍රෑම් 425ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද (09දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග තුනක මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කීරි සම්බා, බී ලූණු හා ටින් මාලු මිල අඩු කිරීමට සතොස කටයුතු කර තිබේ.

Read More

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.

Read More

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන 2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.

Read More

නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද ( 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.

Read More

ටෙස්ට් පිටියේ වේගයෙන්ම ලකුණු තුන්දහසේ සීමාව ඉක්මවූ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානය හීමි කර ගැණීමට ඔස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මානස් ලැබුෂේන් සමත්විය. ඒ දෙවැනි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් මෙම සීමාව ඉක්මවමිනි.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.

Read More

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

Read More

ඊයේ (8)පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසෙහි සිර මැදිරි 46 පරීක්ෂාවට ලක් කොට ඇත. එහිදී පහත සඳහන් රැඳවියන් රඳවා සිටින සිර මැදිරි තුල තිබී පහත පරිදි ජංගම දුරකථන 04, චාජර් 01 , ඩේටා කේබල් 04 සිම්පත් 03 හා ඇඩැප්ටර් 01 හමුවී ඇත.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් අද දිනයේදී නිවාඩු ලබාදිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

මම ඉල්ලනවා වර්තමාන ඇමතිගෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න. නැත්නම් අපි පරීක්ෂණයක් කරලා මේ පස් කපපු ඇමතිට සිංහල කාලයේ දඩුවම් දෙනවා. මේ අගලට දාලා අපි අනිවාර්යයෙන් පස් ගහහනවා. ඒ නිසා අනිවාර්ය පරීක්ෂණ කරන්න.

Read More

ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතා අද (8) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජීවිතයෙන් සමුගත්තේය. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු රෝහල් ගත කර ටික වේලාවකින් මෙලෙස සමුගන්නට සිදුවිය.

Read More

වාරික නොගෙවූ යතුරුපැදියක් රැගෙන යාමේදී කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක තල්ලුකර ඇදවැටී රෝහල් ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසර්වරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන පත්ව ඇති ආර්තික අර්බුදයට හේතු සොයා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දැන් මට පෙනෙන විදිහට අප්‍රේල් මාසය වෙන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මොකද අපිට ගිය යල කන්නයෙත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඊට කලින් මාස් කන්නයෙත් කොටසක් තියෙනවා. දැන් වී අතිරික්තයක් තියෙන තත්තවයට යන්න පුළුවන්.

Read More

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවිය.

Read More

මාර්තු මාසයේ ණය ගෙවමින් භාණ්ඩ හිගයක් තිබුණා. අපි ණය ගෙව්වානම් මාර්තු මාසයේ හිටියට වඩා ආර්ථිකය බරපතලයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මාර හාස්කමක් කළා වගේ විසුලු කථා කියන්න එපා.මේ ආර්ථිකයේ සමනය තත්ත්වයක් නෙමෙයි පරණ තිබුණ ගැඹුර උඩින් කඩදාසියකින් වසා තිබෙනවා.

Read More

ලබන වසරේ ජනවාරි මාසය වන විට විදුලි ගාස්තු සංශෝධනයකට යා යුතු බවත් එසේ නොවුණ හොත් අඛණ්ඩ විදුලි සැපයිම ගැටලුවක් විය හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට මේ වන විටත් සමාගම් 6ක් සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනෙකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා මෙවරත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලින් වාර්තා වුවද , බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුවීමට ඉඩක් තවමත් නොමැති බව කෘෂි තාක්ෂණික අංශ අවධාරණය කරයි.

Read More

රාගල - නුවරඑළිය මාර්ගයේ බෘක්සයිට් ප්‍ර දේශයේදී රාගල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රි රෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයෙක් ඒම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

මහින්දානන්ද අලුත්ගමගේ - මන්ත්‍රීතුමා මම කිව්වේ ජනාධිපතිවරයාට වාර්තාවත් බාර දීලා තියෙනවා. ඒ වාර්තාව සභා ගත කරන්න කියලා. ඒ වාර්තාවෙන් ඔබතුමා කියන අය නිවරදි වේවි. පාර්ලිමේන්තුව ඉවර වෙලා යන විට ඔය කියන හමුදා ප්‍රධානිනයයි ඔබතුමයි අතර සිදුවුණ දුරකතන සංවාදය ගැනත් අපි දන්නවා. අපි කියන්නේ වාර්තාව සභා ගත් කරන්න කියලයි. සරත් ෆොන්සේකා - ඔබතුමා කියන ඒවා වාර්තාවේ තියෙනවනම් ඒක සභාගත කරන්න. හිටපු හමුදා ප්‍රධානයෙන් ජනපති අගමැති වෙන්න කථා කලාලු. ඔබතුමයි අගමැ

Read More

මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඔ්න මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඔ්න කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.