පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක ගෙල කපා ඇයගේ නිවස තුළදී ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ, පදිංචිව සිටී ඩබ්ලිව් ප්‍රේමවතී නැමැති 68 හැවැරිදි දෙදරු මවකි.
කළුතර උතුර කැලිඩෝ පාරේ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර සිය දියණිය පදිංචි නිවසේ පදිංචිව සිටින බවත් ඝාතනය සිදුවන මොහොතේ දියණිය සහ ඇයගේ දරු දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවත් පොලිසිය කීය.
මළසිරුර අද (27) අළුයම 5 ට පමණ නිවස පිටුපස වැටී සිටින අයුරු දියණිය දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසයි .
ඝාතනය සදහා යොදාගත් බවට සැක අඩි දෙකකට ආසන්න දිගකින් යුත් ලේ තැවරුන මන්නා පිහිය මළසිරුර අසල වැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.
ගෙල ප්‍රදේශයේ අඟල් හයක් පමණ ගැඹුරට කැපී තිබූ බව පොලිසිය කියයි
එම පිහිය ඇය පදිංචිව සිටී දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු මස් කැපිම සදහා භාවිතා කල එක බවද පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත.
සොකෝ පරීක්ෂණ සිදුකල අතර ,පොලිස් නිළ සුනඛයන් ගෙන්වීමට නියමිතව ඇත.