මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් කිසිවෙකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව අනුමැතිය ලබාදීම සිදුකරන ලෙස ඉල්ලීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලගේ විස්තීරණ අරමුදල් පහසුකම ගැන අද (26දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"2022 ජූලි මාසයේ අපට තිබුණේ කෝලහාල, ගිනි තැබීම්, රජයේ බංකොළොත් වීම. ඒ නිසා ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් මාස 08ට පසුව අපේ ආර්ථිකය ආපසු හැරවීමෙන් ලංකාවට තියෙන්නේ සාර්ථක කතාවක්. අද කියන්නේ ශ්‍රී ලංකා කම්බැක් ස්ටෝරි කියලා. අහිමි වූ ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීරණ වී යළි බිහිවෙමින් සිටී. දැන් ඒක ඉදිරියට ගෙනියන්න මේ මුළු රටේම සහයෝගය ලබාදෙන්න කියලා මෙතන සඳහන් කරන්න කැමතියි.
ආණ්ඩවු එදා භාර ගත්ත අවස්ථාවේ මට තිබුණේ අයි.එම්.එෆ්, ලෝක බැංකු, ඒ.ඩී.බී. සමග සාකච්ඡා ආරම්භ කර සැප්තැම්බර් මාසයේදී විස්තීරණ ණය පහසුකම් එකඟතාව අයි.එම්.එෆ්. සමග ඇති කර ගත්තා. ඒ ගිවිසුම ගැන මම කියන්නම්. ඒ විස්තීරණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ 06ක් ඇතුළුත්.
අ. ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම - මේ යටතේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්රයට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමද ඇතුළත්.
ආ. රාජ්‍ය ණය ප්‍රතිව්‍යූහගත කිරීම
ඇ. මූල්‍ය ස්ථායීතාවය ප්‍රතිස්ථාපනය කිරීමත්, නම්ය විදේශ විනිමය අනුපාත ක්‍රමයත් යටතේ විදේශ සංචිත ගොඩනැගීම තහවුරු වන ආකාරයට බහුවිද ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීම.
ඈ. මූල්‍ය අංශයේ ස්ථායීතාව තහවුරු වන ආකාරයට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.
ඉ. දූෂණට එරෙහි තත්ත්වට පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්රතිසංස්කර ක්‍රියාත්මක කිරීම.
ඊ. ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
මේ අනුව තමයි අපි විදේශ ණය හිමියන්ගේත් මූල්‍යකරණ සහතිකය ලබා ගත්තේ. මේ පියවර ගත්ත නිසා තමයි අපට මූල්‍ය කරණ සහතිකය ලැබුණේ. එක පැත්තකින් පැරිස් ක්ලබ් එක සහ ඉන්දියාව සමග සාකච්ඡා කරනවා. අනිත් පැත්තෙන් චීනය සමග සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලින් පස්සේ පෞද්ගලික ණයකරුවන් සමග අපට සාකච්ඡා කරන්න තිබෙනවා.
මේ ගිවිසුම නිසා අපට අයි.එම්.එෆ්. එකෙන් ඩොලර් බිලියන 3ක් විතර ඊළඟ අවුරුදු 4 තුළ ලැබෙනවා. අනිත් ආයතනත් ගත්තම අපට බිලියන 7ක් විතර ලබාගන්න පුළුවන්.
මේකේ ප්‍රතිඵල දැනටම පේනවා. විදේශ බැංකු විශ්වාසය අපි නැවත ලබාගෙන තිබෙනවා. දැටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයන් ලංකාව දිහා බලනවා. 16 වතාවක් අපි අයි.එම්.එෆ්. ගිවිසුම්වලට පැමිණිලා අපි සම්පූර්ණයෙන් ක්‍රියා කළේ නෑ.
අපට පළමුවෙන් තියෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කරන්න. ඔවුන් අපට කියලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා. දැනට අන්තිම තීරණ අරගෙන නෑ. මේ ගැන සාකච්ඡා කරන කොට මේ ගැන තීරණ ගන්න ඕන. අපට කොන්දේසි දාලා සාකච්ඡාවලට යන්න බෑ. එහෙම වුණොත් ඔවුන් කොන්දේසි දාලා අපිත් එක්ක සාකච්ඡාවලට එයි. ඊට වඩා අපට වාසියි මේ කොන්දේසි නැතිව අපට සාකච්ඡාවලට යන එක. මේක කරද්දි සෑම අංශයක් දිහාම බලන්න තියෙනවා.
කාටවත් හානියක් සිදු වෙන්නේ නෑ. සමහරු බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බෑ කියලා. එහෙනම් මම කියන්නේ තමන් භාරගෙන මේ ආර්ථිකය ගෙනියන්න කියලා. එක එක අයට තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බෑ මේක කළොත් මේක කඩා වැටෙනවා කියලා. කොටස් වෙළෙඳ පොළ කියනවා මේක කළොත් කඩා වැටෙනවා කියලා. ඉතින් කොටස් වෙළෙඳ පොළ වැටුණොත් මම ඒක වහන්නම්.
ඒ වගේම දරිද්‍රතාවෙන් පෙළෙන අයට දැන්ම අපි වැඩ කරගෙන යනවා. ලොක බැංකුව මුදල් දීලා තියෙනවා. ලෝක බැංකුව කියන්නේ මේ අය ගැන බලන්න කියලා. දියයුත්තන්ට දෙන්න. ඒත් සුදුසුකම් නැති අය ඉවත් කරන්න. අපි අලුත් ආරක්ෂක ජාලාවක් ඇති කරන්න ඕන.
අපට අවශ්‍යයි මේ අවස්ථාවේ මූල්‍ය ස්ථාවරභාවයක් ඇති කරන්න. ඒ වගේම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරන්න. ඒ අනුව අපට දැන් සාකච්ඡා පටන් ගන්න තියෙන්නේ. ඒක පටන් ගන්නේ පැරිස් ක්ලබ් හා ඉන්දියාව ඒකාබද්ධව සාකච්ඡාව. ඒක කරන්නේ එක වේදිකාවක. චීනය සමග වෙනම යන්නේ. ඒ ගැනත් කියන්න ඕන. අපට හංගන්න දෙයක් නෑ. අපට පියවර ගණනාවක් අරගන්න තිබෙනවා. අපි පූර්ව ක්‍රියාමාර්ග 09ක් අරගෙන තිබෙනවා.
රාජ්‍ය මූල්‍ය ඒකාකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා 2023 වර්ෂය තුළ මේ වැඩසටහනේ ක්‍රියාමාර්ග අනුව තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. එහිදී ඉන්ධන මිල සූත්‍රයක් පැවැත්විය යුතුයි කියලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය නව මහ බැංකු පනතක් සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සමග සාකච්ඡා කරලා තියෙනවා. අපට සමහර නීති ඉවත් කරන්න තියෙනවා. අපෙන් සමහරු අහනවා ඇයි සංස්ථා විකුණන්නේ කියලා.
මීට වඩා හොඳට කරන්න පුළුවන් පෞද්ගලික අංශයටයි අපි ඒක භාර දෙන්නේ. අයි.එම්.එෆ්. ගිවිසුම හැර වෙන විකල්පයක් අපට නැහැ. කවුරුත් යෝජනා කරලත් නෑ. වෙන ක්‍රියාකාරී විකල්පයක් නැතිනම් අපට තියෙන්නේ මේක අනුමත කිරීම. එහෙනම් අපි ඔක්කෝම එකතුවෙලා මේක සම්මත කරමු. මේකේ අඩුපාඩු තිබෙනවා නම්, මාස 06න් 06ට අයි.එම්.එෆ්. කණ්ඩායම් පැමිණීමේදී සාකච්ඡා කරන්න පුළුවන්. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්වෙමු මේ වැඩ කටයුත්ත කරන්න. අපි මේක නොකළොත් අපි තරුණයන්ව පාවා දෙනවා. ඔවුන්ගේ අනාගතය නැති කරනවා. ඒ අය දිහා බලන්න" යැයි පවසා සිටියේය.
