සිංහල අලුත් අවුරුදු නිමාවත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බොහෝ එළවළු සහ පළතුරු අලෙවි කර ගැනීමට නොහැකි වී ඇත්ැයි ගොවීහු පවසති
එළවළු පළතුරු සියල්ලේම තොග මිල විශාල වශයෙන් පහත වැටී එළවලළු මිලදී ගැනීම සඳහා පැමිණෙන පිටස්තර වෙළඳුන් ගේ පැමිණීම සියයට 75කින් පමණ 26 දින වන විට අඩුව වී ඇතැයි පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ලැබී තිබෙන වට්ටක්කා කිලෝව රුපියල් විස්සකට හෝ අලෙවි නොවන බව ගොවීහු පෙන්වා දෙති
එමෙන්ම පුදුකුඩුඉරිප්පු කිලිනොච්චිය යාපනය ආදී ප්‍රදේශවලින් පැනිකොමඩු කෙසෙල් අඹ ආදී පලතුරු වර්ග රැසක් ලැබී තිබෙන බවද එම පලතුරු මිලදී ගැනීම සඳහාද පිටස්තර වෙළෙන්දන්ගෙන් නොපැමිණීම බරපතළ ලෙස බලපා ඇති යාපනයෙන් පැමිණි ගොවීන් පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට උතුරු මැද පළාත, වයඹ පළාතෙන් විශාලව වශයෙන් වට්ටක්කාගොවීන් විසින් රැගෙන විත් තිබේ, වට්ටක්කා කිලෝවක රු.20 ක මිලක් පැවතියද එම මිලට හෝ වට්ටක්කා අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බවත් ඔවුහු පෙන්වා දෙති
උදෑසන 4 ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සිය අස්වැන්න රැගෙන විත් වට්ටක්කා ගෙඩි උඩම නිදාගෙන දින ගණන් ගත කිරීමට සිදු වී තිබෙන බවත් රුපියල් විස්සකට හෝ අලෙවි කර ගැනීමට නොහැකියි වට්ටක්කා තොග තවත් ගොවිබිම් වල විශාල වශයෙන් පවතින බව ද පෙන්වා දෙති
අඩුම තරමේ වට්ටක්කා කිලෝවක් සඳහා රුපියල් 50ක තෝග මිලක් තමාට ට ලැබෙන්නේ නම් අඩුම තරමේ සාමාන්‍ය පරිදි වියදම අවම කර ගැනීමට හැකි බවත් එහෙත් වෙළෙන්දන් රුපියල් විස්සයි කිවත් කීයක් හෝ තවත් අඩු කරන ලෙස කරන ඉල්ලීම කරන බවද ඔවුන් පෙන්වා දෙති
රුපියල් විස්සක් වූ විට කිලෝවක මිල වට්ටක්කා ග්‍රෑම් 250 රු.5 ක් වැනි ඉතා කුඩා මිල පවතින බවද පෙන්වා දෙන ගොවීන් ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරන යුගයක මෙතරම් එළවළු පලතුරු පරිහානියට ලක් වන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ගෝවා කිලෝවක් රුපියල් 80 වත් 100 ත් අතර මිලකට බෝංචි කිලෝවක් රුපියල් 90 වත් 110 ත් අතර මිලකට කැරට් කිලෝවක් රුපියල් 90ත් 110 අතර මිලකට අලෙවි වන්නට වූ අතර තක්කාලි කිලෝවක් රු 70 ත් 80ත් අතර මිලක් ගෙන තිබිණි , කැකිරි කිලෝවක් රු.30 කි නෝකෝල් කිලෝව රුපියල් අසූ 85ක් පිපිඤ්ඤා කිලෝවක් 30 ත් වැටකොළු බණ්ඩක්කා පතෝල කරවිල ආදී එළවළු වර්ග රුපියල් 100ක් 120 අතර මිල ගණන් යටතේ අලෙවි වන්නට විය මැලේසියන් වට්ටක්කා කිලෝවක මිල රුපියල් විස්සක් වීම විශේෂත්වයකි මෑකරල් රුපියල් 50 ත් 70 ත් අතර මිලකට අලෙවි විය.
