ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ.
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව RM Parks-Shell සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඇතුළු සම්බන්ධිත පාර්ශ්ව සමග මාර්ගගතව පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිව තිබේ.
එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කරනු ලැබුවේය.
මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් වනු ලැබුණි.