2023 මාර්තු 07 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවටලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත්බණ්ඩාර මහතා ඊයේ (25දා) පැවති කෝප් කමිටු රැස්වීමේදී සිය අප්‍රසාදය පළකළේය.
- 2023 අප්‍රේල් 06 වැනිදා වන විටත් සංස්ථාව විසින් අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබුණි.
- මූල්‍ය අවභාවිතය සහ වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිර්දේශ කළ පරිදි ස්වාධීන කොමිසමක් පත්කර නොතිබුණි.
- ආයතනයේ මෙහෙවර ප්‍රකාශය සමඟ සමපාතවූ ආයතනික සැලැස්මක් තවමත් සකස් කොට නොතිබුණි.
එබැවින් 2023 ජූනි 23 වැනිදා වනවිට ඉහත සඳහන් සියලු කරුණු සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළ අතර නියමිත වේලාවට පෙර කෝප් කමිටු සභාපතිවරයා විසින් රැස්වීම කල් තබන ලදී.
දැනට පුද්ගලයින් 19 දෙනෙකු පමණක් සේවයේ යෙදී සිටින පුද්ගලයින් 56 දෙනෙක් සිටිය යුතු කාර්ය මණ්ඩලයේ ඉතිරිකොටස සම්පූර්ණ කිරීම සඳහා සහාය වන ලෙස කෝප් සභාපතිවරයා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
