අම්බලන්ගොඩ හිරේවත්ත ප්රදේශයේ ඊයේ (26) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිදු කරන ලද පිහි ඇනුමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
පිහි ඇණුමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්රදේශයේම පදිංචි ආර්.ජී.රොෂාන් කුමාර නමැති හතලිස්දෙහැවිරිදි ධීවර වයාපාරික තිදරු පියෙක් බවද පොලීසිය කියයි.
පිහිඇනුම් කා මිය ගිය පුද්ගලයාත් ඔහුට පිහියෙන් ඇන්න පුද්ගලයාත් ඊයේ (26)අම්බලන්ගොඩ නගර සභා කීඩාංගණයේ පැවති අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද දෙවිදුහල් අතර 42 දෙවැනි වරටත් පැවති සුනිල සංගාම එක් දින තරගය මත් පැන් පානය කරමින් සිට ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් පොලීසිය කියයි.
මේ පිහි ඇනුම සිදු කළ අයද අම්බලන්ගොඩ හිරේවත්ත ප්රදේශයේම පදිංචි අයෙක් බවත් ඔහු මිය ගිය තැනැත්තාගේ මිතුරෙක් බවත් පවසන පොලීසිය ඔහු මේ වනවිට ප්රදේශයෙන් පලා ගොස් ඇති බවද කියයි.
සිය මිතුරා ඝාතනය සදහා යොදා ගත්තේ යයි කියන පිහිය ගාලුපාරේ අම්බලන්ගොඩ නගර මධයයේ ආර්.පී.ආතර් මාවත ආරම්භ වන ස්ථානයේ විදුලි පහන් කණුවක් යට දමා තිබියදී සොයා ගත් බවද පොලීසිය කියයි.
බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා සිද්ධියවූ ස්ථානයට පැමිණ අද (27දා) උදේ මහේස්තාත් පරීක්ෂණය ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් විශේෂඥ අධිකරණ වෛදයවරයෙක් ලවා සිදු කොට ඝාතනයේ සැකකරු වහාම සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්තාත් වරයා පොලීසියට නියෝග කළේය.