මේ වසරේදී කොරියා රැකියා 8000ක්
කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව ද ඊට එකඟතාවය දක්වා ඇත.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී මේ එකඟතාවය පලකර තිබේ.
කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකඟතාවය පලකර තිබේ.
ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
