saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4424 hours ago

LATEST

පැය 10ක විදුලි කප්පාදුව අසත්‍යයක්

calendar_today 2022 දෙසැ 21 - 13:35 remove_red_eye - 293  

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

රහල අරණායක මාර්ගයේ රහල මධ්‍යම බෙහෙත් ශාලාව ආසන්නයේ අද (21දා) උදෑසන ලංගම බස් රථයක වේගය පාලනය කිරීමට නොහැකිව අඹගසක ගැටි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් අරණායක පොලීසිය පවසයි.

Read More

ඌරගස්මංහන්දිය හල්ගහවෙිල්ල , ගල් ලිද අසල කුඹුරු වෙල්යායේ නියරක් මත අභිරහස් අයුරින් මියගිය පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද (21දා)සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටිය පාසල් සිසුවෙකු අද (21දා) අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

නාරම්මල - බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී අසල තිබූ බෝක්කුවක ගැටී පසු ව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තුන්දෙනෙකු යටකරගෙන ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.

Read More

රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක උපාංග අලෙවි මධ්‍යස්ථාන වලට ඇතුළු වී රුපියල් කෝටියකට ආසන්න වටිනා දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් පාමංකඩ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී ආජන්ටිනා කණ්ඩායම මුහුණ දුන් සුවිශේෂී සිදුවීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම ජනතාවට ආචාරය කිරීම වෙනුවෙන් ලෝක කුසලානයද සමගින් බුවනෝර්ස් අයර්ස වෙත වහළ නොමැති බසයකින් ගමන් කරමින් සිටින විට විශාල ජනතාවක් ඒ අවස්ථාවට එක්ව තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙරට ගොවි පවුල් මිලියන 1.2ක් සඳහා රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් තමන් ඉක්මනින්න ඉල්ලා අස්වෙන බව ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් පවසයි. ඉන් අනතුරුව තමන් මෘදුකාංග හා සර්වර් කණ්ඩායම් මෙහෙයවන බවත් ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙක් පත්කරන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

Read More

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

Read More

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරික්ෂා කිරීම සිදු කළත් එය සාර්ථක කර ගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

Read More

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයෙහි වඩාත්ම කැමැත්ත (ලයික්) හිමිකරගත් ඡායාරූපය බවට පත්වීමට ලයනල් මෙසී ලෝක කුසලානය හිමිකර ගත් ඡායාරූපය පත්වී ඇත.

Read More

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 185කි. රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් ඩු කර ඇති අතර නව මිල රුපියල් 378ති. දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින් අඩුකර අරති අතර නව මිල රුපියල් 480කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1780කි. හාල්මැස්සන් (තායි) රුපියල් 50 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1100කි.

Read More

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.

Read More

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කර ඇත.

Read More

ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කී මහතා සතිපතා ප්‍රකාශයට පත්කරන ලොව රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.

Read More

“සුදු මැස්සා” (Whitefly) මර්දනයට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

රත්වූ ඉස්තිරික්කයකින් සිය බිරිඳගේ ශරීරයේ කිහිප පොලක් පිලිස්සීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු හාලිඇල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ බිරිඳට අයත් නිවසක් බිඳ එහි තිබූ භාණ්ඩ සොරකම් කළ බව පැවසෙන පුද්ගලයෙකු සොරාගත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ. මෙම දර්ශකයේදී මිට පෙර ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවිය.

Read More

’’ ජනාධිපති ආරක්ෂක අංශයේ මම ඉන්නේ ’’ , ’’ඔයාලට වඩා නීතිය ගැන මම දන්නවා ’’යැයි පවසමින් බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාකර පොලිස් භාරයට ගත් යතුරු පැදියක් බලහත්කාරයෙන් අත්පත් කරගත් යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ( 19) සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Read More

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා ලබන ජනවාරි මස 5දා සිට මාස පහක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Read More

මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘතීම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූදරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම බවත්,එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ටි සහිත බෑග් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරය සතු ගල්අඟුරු තොග මේ මස 31දා අවසන් වූ පසු විදුලි ජනන යන්ත‍්‍ර අක්‍රිය වන බවත් එම නිසා පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20දා) පවසයි.

Read More

හිටපු ජනපති ‌මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කුරුණෑගල මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීම විශේෂ කරුණක් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.