saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4420 hours ago

LATEST

වලානෙන් අත්අඩංගුවට ගත්තේ වළගම්බා රජුගේ කඩුවද?

calendar_today 2022 දෙසැ 22 - 11:35 remove_red_eye - 794  

වළගම්බා රජ්ජුරුවන්ට අයත් බව පවසා රැගෙන ආ පෞරාණික බවක් පෙනෙන අසිපතක් විකිණීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් එම අසිපත සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21 ක් සත්ව ආහාර සැකසීම පිණිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සඳහන් කරයි.

Read More

’’රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය. රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා. ඒ නිසා මෙවර නත්තල් සතුටින් සමරන්න අපිට බෑ’’

Read More

මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදිකවේදිකාවේ වැටී තිබියදී තරුණයෙකුට හමුවූ රන්ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් ඉකුත් (21) වෙනිදා සවස මොනරාගල පොලීසියට භාරදී ඇත.

Read More

අවුරුද්දක අවසන් සතිය උත්සව සිරියක් ගන්නේ නත්තලත් නව වසරක උදාවටත් ජනතාව සතුටු සිතින් ලකලෑස්ති වෙන නිසාවෙනි. මේ උත්සව සමයේ ප්‍රමාණාත්මක ආරක්ෂක පියවර රැගෙන අනතුරු අවම කර ගැනීම කාලෝචිත වේ. මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට ඊයේ ( 21දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ. මේ එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබඳ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා විසින් දැක්වූ අදහස්ය.

Read More

පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.

Read More

පාපන්දු ලෝක ශූරතාව දිනූ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීමට පැමිණී පිරිස මිලියන 4 කටත් අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

යුධ බඳුන අවුස්සන අත් බොහෝ ඇති තාක් සටන තවදුරටත් දීර්ඝ වනු ඇතැයිද පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

Read More

පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා‍ව වහාම ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් ඉවත්කොට ඇත. ඒ පාකිස්ථානය, එංගලන්තය හමුවේ සිය රටේදීම ටෙස්ට් තරගාවලියක් පූර්ණ තරග පරාජයකට (වයිට්වොෂ්) වීමෙන් අනතුරුවය.

Read More

පාකිස්ථානයෙන් බිහිවූ ලොව විශිෂ්ඨම වේගපන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන වසීම් අක්‍රම් එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ වීම සඳහා අද උදෑසන පැමිණිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

Read More

තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළා දකියි.

Read More

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල් සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 70.6% සිට නොවැම්බර් මාසයේදී 65.0%ක් දක්වා පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගැන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳ 2023 ජනවාරි සිට මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කරයි.

Read More

ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.

Read More

කැන්ඩි ෆැල්කන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුණු 24 කින් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් සමත්විය.

Read More

ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්‍යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.

Read More

උත්සව සමය තුළ මංතීරු නීතිය ක්‍රියාත්මක කරවිම පිළිබඳව අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ.

Read More

නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.

Read More

උත්සවය සමය හේතුවෙන් දින පක කාලයක් විදුලි කප්පාදුව සිදු නොවන බවත් ජනවාරි මාසය තළදීද ක්‍රියාත්මක වන්නේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Read More

දිවයින පුරා ඇති සියලුම සුරා සැල් නත්තල් දින (25දා) වසා තබන බව සුරා බදු කොමසාරිස් ජනරාල් පවසයි. කෙසේ වෙතත් හෝටල් හා නවාතැන්පෙළවල්වලට පැමිණෙන පුද්ගලයන් වෙත මත්පැන් අලෙවි කිිිිරීමට අවස්ථාව ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

Read More

වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

Read More

පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායනික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද (21දා) ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ වන විට ප්‍රකාශ 50කට අධික සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත් මාධ්‍ය වල විවධ තොරතුර පළවුවත් සෘජු සැකකරුවෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි සිට මේ වන විට අතුරුදන්ව ඇති 09 හැවිරිදි පිරිමි දරුවා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු කිහිපයක් අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පසුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.

Read More

වසරක් තුලදී නිවාස 11ක් බිඳ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා දේපල සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.