බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද ඒම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා දකුණු වෙරළබඩ ප්‍ර දේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.