ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් ඉකුත් 10 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් වටලා එහි කළමණාකරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් කළමණාකාරිය පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (35) ක්ද වන අතර , ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් වයස අවුරුදු 24 ත් 30 ත් අතර පසුවන්නියන්ද වන අනුරාධපුරය, පානදුර , මොරටුව , යන ප්‍රදේශවල පදිංචිකාරියන්ද වන බවත් පොලීසිය කියයි.
ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශය මගින් සිදුකල ආවේක්ෂණ රාජකාරියේ යෙදී දින ගනනක් සිදුකල විමර්ශනයේදී මෙම මධ්‍යස්ථානය කිසිදු ආයුර්වේද වෛද්‍ය වරයෙකු හෝ නොසිට ඇති අතර, රුපියල් පන්දහසක් ලබාදී පොලිස් උපාය දූතයෙකු යොමුකර මෙම වැටලීම සිදුකර ඇති බවත් , මෙහි සුරූපි කාන්තා ඇසුරට දිනපතා ධානපතියන් ඇතුලු ප්‍රධාන ව්‍යාපාරිකයන්ද පැමිණ ඇති අතර ඔවුන්ට රුපියල් පන් දහසේ සිට රුපියල් විසිදහස දක්වා මිළ ගනන් වලට සුරූපි කාන්තාවන් අලෙවි කර ඇති බවටත් හෙලිවී ඇතැයිද පොලීසිය කියයි.
දෙහිවල එච් එම් ධර්මපාල