
ලෝක සංචාරක නගර සම්මේලනයේ 2023 වසරේ චං-ශා කඳුකර සංචාරක සමුළුව අද (10) හූනාන් හි වැං-ශා හිදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව ද මෙම සම්මේලනයේ සමාජිකත්වය දරන රටක් වන අතර, මෙම උත්සවය සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා ද සහභාගි වී සිටින අතර, ඔහු රටවල් 8ක තානාපතිවරුන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ දී අදහස් දැක්වීය.
සාකච්ඡාව සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීම: අභියෝග සහ සහයෝගීතාවය යන මාතෘකාව යටතේ පැවැත්විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි පියවර පිළිබඳව පැහැදිලි කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, එම අගයන් තවදුරටත් ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ තානාපතිවරයා සමඟ කොලොම්බියා, ජෝර්දානය, මෝල්දෝව, ඉතියෝපියාව , මාල්ටාව, සීෂෙල්ස් සහ ටොබැගො යන රටවල්වල තානාපතිවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්විය.
මෙහිදී සංචාරක ක්ෂේත්රයට අදාළ වාර්ෂික වාර්තා නිකුත් කිරීම ද සිදු කෙරුණි. සංචාරක ක්ෂේත්රයට අදාළව තවත් සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විය.
හෙට (11දා) දිනයේ ද සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය සහ සංචාරක ආයෝජනය සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙන අතර, හෙටින් සමුළුව අවසන් වේ.
නවෝද්‍යා පවනි (චීනයේ හූනාන් සිට)