ඩෙංගු වැඩිම බස්නාහිරින්
ඩෙංගු රෝගය පිලිබඳව මෙම සතිය පුරාවට කල සමාලෝචනයකින් දිවයින පුරා ඩෙංගු රෝගීන් 186ක් වාර්තා වී ඇති බවත් ඒ අතුරින් වැඩිම රෝගීන් සංඛයාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන් බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
එය ප්රතිශතයක් ලෙස සියයට 49ක් ඉක්මවා ඇති අතර බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්රික්කයෙන් 21෴ක් කොලඹ දිස්ත්රික්කයෙන් 18෴ක් කළුතර දිස්ත්රික්කයෙන් 7෴ක් ලෙසත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්රික්කයේ ඩෙංගු රෝගීන්ගෙන් 3.4෴ක් කොළඹ මහ නගර සභා ප්රදේශයෙන් වාර්තා වී ඇති අතර මීට අමතරව ත්රිකුණාමලය, මඩකලපුව, මහනුවර, ගාල්ල හා කෑගල්ල දිස්ත්රික්කවලින්ද සැළකිය යුතු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී තිබේන බවත් සඳහන්.
මේ වසරේ කොළඹ දිස්ත්රික්කයේ ඩෙංගු රෝගීන් 6678 ක්ද, ගම්පහ දිස්ත්රික්කයේ ඩෙංගු රෝගීන් 7166 ක්ද, කළුතර දිස්ත්රික්කයේ ඩෙංගු රෝගීන්1902ක්ද වශයෙන් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්යාව 15,746කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
