අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා තමන්ට පහරදුන් බවට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා කළ පැමිණිල්ලක් අනව ප්‍රියත් නිකේෂල අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද පොලීසිය කියයි. මේ අතර කඩුවෙල හිටපු නගරාධිපතිවරයාද මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.
තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.