තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළඳසලකට මහා දවාලේ කඩා වැදි තියුණු ආයුධ පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා ඔහු පැළඳ සිටි රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනාගෙන් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු සමඟ හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිගෑම් 200 ක් කොල්ලයට යොදාගත් ත්‍රීරෝද රථයක් ,කඩුවක් කොල්ල කන ලද රන් භාණ්ඩ තොගයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ග්‍රෑම් 80ක් බර රන් භාණ්ඩ පොලිස් භාරයට ගනු ලැබීය.
ඉකුත් එක් වෙනි දින ත්‍රිරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා වෙළඳසැලට කඩාවදින අවස්ථාවේදී සේවකයන් අට දෙනකු එහි සිට ඇති අතර මුදල් කවුන්ටරය තුළ සිටි ව්‍යාපාරිකයා අසලට ගොස් ඔහුගේ ගෙලට තියුණු ආයුධ තබා කොල්ල කෑම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව සැකකරු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේ දී සැකකරු සන්තකයේ තිබි කොල්ල කන ලද රන් භාණ්ඩ තොගයෙන් කොටසක් මෙන්ම බොරලැස්ගමුව නිලම්මහර ප්‍රදේශයේ " දෙහිවල රෝසි" නැමැති කාන්තාව පදිංචි කුලී නිවසේ සඟවා තිබූ තිරෝද රථය සහ කඩුව සොයා ගත් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොල්ලකෑම සඳහා ත්‍රීරෝද රථය පදවාගෙන ආ අය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැඟව සිටින අනෙක් සැකකරු පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ පදිංචි අයකු බවට හඳුනා ගත් බව පොලිස් නිලධාරියෙක් කීය.
සැකකරු තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වන දෙහිවල කවුඩාන පදිංචි අද අවුරුදු තිස් හතක් වන සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.