saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4337 hours ago

LATEST

ඉන්දියාවෙන් බස් 500ක්

calendar_today 2023 ජන 08 - 13:49 remove_red_eye - 1375  

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබේ. මේ අතරින් පළමු තොගය ලෙස බස් ර 75ක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා‌ සේවයට යෙදවීමට නියම

රට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.

Read More

ගෙවීගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය ආසාදිතයන් 5ක් බව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා වන ආයතනය පවසයි. ගෙවී ගිය සතියේ කොවිඩ් මරණ සාමාන්‍ය 0ක් බවත් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුකම හේතුවෙන් රෝගීන් හා මරණ සංඛ්‍යාව අඩුවෙන් පිළිබිඹු වීමට හේතුවක් විය හැකි බවද එම ආයතනය පවසයි.

Read More

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන්වරයකු ට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීමට කළ උත්සාහයක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත නූලෙන් වැළකී ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

Read More

මරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට සිදු වු පුවතක් සම්බන්ධයෙන් අරණායක ප‍්‍රදේශයෙන් වාර්තා විය.

Read More

කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධානගත වි තරග කිරිමට තිරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

Read More

එරාවුර් පොලිස් වසමේ සවුකඩේ මුහුදු තීරයෙ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලෙමින් සිටියදි ඔවුන් ඥාතීන් විසින් බේරාගෙන එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේදි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 5 ක් දැවී ලකුණු 228 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.

Read More

මෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.

Read More

ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම පාසලේම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම එරට සුලභ කාරණයක් වී තිබේ.

Read More

ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා. හිතන්න මෙම තරගාවලිය වෙන්දේසියට කලින් තිබුණා නම් ඇතැම් කණ්ඩායම්වලට ඔහු මිලදි ගැනීමට මුදල් නොමැති වෙන්න ඉඩ තිබුණා’’

Read More

2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිතය.

Read More

සුදු සීනි ලෙස රේගුවට වාර්තා කර දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200ක් ව්‍යාජ ලෙස ආනයනකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

Read More

දුරුතු පොහෝ දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිසි නිලධාරීන් 11කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා ඒළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.

Read More

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.

Read More

පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහාම තනිව තරඟ කිරීමට සැලැසුම් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.

Read More

හංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.