හැටන් හා ආශ්රිත ප්රදේශයන් තුල මේ වන විට එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ වන විට මෙම ප්රදේශයන් තුල මඤ්ඤාක්කා හා කොස් මදුළු කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, කිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් කිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, කිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් කිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් කිලෝව රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.
එලවළු මිල මෙසේ ඉහල යමින් පවතින විට කොස් මදුළු හා මඤ්ඤාක්කා මිලද මෙසේ ඉහල යාමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්රදේශයේ පාරිභෝගිකයන් පවසයි.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එලවළු තොග මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත කොස් මඤ්ඤාක්කා මිල ගනන්ද ඉහල ගොස් ඇති බවත්ය.
චන්ද්ර සෙල්ලහේවා