රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය මාස හයක සිට අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයට යොදන එෆ්.ඩී.ජී නමැති ප්‍රතික්‍රියක රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසා බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය හා ඊට අදාල ප්‍රතිකාර ක්‍රම සැලසුම්කරණ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කටයුතු නවතා දමා ඇති බවත් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ නියමිත දිනට කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පැවසේ.
මෙම යන්ත්‍රය රුපියල් මිලියන 40 හෙවත් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ පරිහරණය සඳහාය. එහෙත් වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ද මේ තුළින් සිදුකර තිබුණි
එහෙත් 2021 වසරේ සිට විටින් විට එම එන්නත් කරණය සඳහා භාවිතා කරන සම්බන්ධක කැතීටර සැපයුමට බාධා එල්ල වීම නිසා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පමණක් නොව වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ද දුෂ්කරතාවයට පත්ව තිබේ .
මේ අතර අදාල ගැටළුවට හේතුව එෆ්.ඩී.ජී ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොලැබීම නිසා බව රෝහල් බලධාරීන් තමන් සමඟ පැවසූ බව ද විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි .
මීට අමතරව එෆ්.ඩී.ජී ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය සති තුනක පමණ සිට රෝහල වෙත සම්පූර්ණයෙන්ම ගෙන්වා නොමැති බව ද ඔවුන් ඔවුන් චෝදනා කර සිටී.
මේ අර්බුදකාරී තත්වයේ නිසා මහරගම අපේක්ෂා රෝහලේ බලධාරීන් විකිරණ තාක්ෂණවේදීන් හට උපදෙස් ලබාදී ඇත්තේ අදාල එන්නත් රෝගීන්ට වෙන වෙනම අතින් ලබා දෙන ලෙසටයි.
මේ තත්ත්වය මත රෝගීන් හා විකිරණ ශිල්පින් ද අවදානමකට ලක් විය හැකි බව ද ඔවුන් කියා සිටී.
පිළිකා රෝගීන් යනු කායික මානසික හා ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්වූ රෝගීන් පිරිසක් . ඔවුන්ගේ රෝග විනිශ්චය පෙට් ස්කෑනර් යන්ත්‍රය හරහා සිදු කිරීමෙන් අනතුරුව අදාල එන්නත ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය හරහා ලබා දීමටයි පියවර ගැනෙන්නේ. එහෙත් මේ පහසුකම ලබා ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම රෝගීන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බව චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙයි .
එබැවින් විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කළ සිටින්නේ මෙම යන්ත්‍රයට අත්‍යවශ්‍ය සම්බන්ධක කැතීටර මිලදී ගැනීමට මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි නම් රුපියල් කෝටි හතරක් වැයකොට ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයක් මිලදී ගැනීමට තාක්ෂණ උපදෙස් ලබා දීම , ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම , මුදල් අනුමත කිරීම හා අදාල යන්ත්‍රය මෙරටට ගෙන්වීමට කටයුතු කළ සියලු බලධාරීන්ගෙන් වැය වූ කෝටි හතරකට ආසන්න මුදල යළි අයකර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න