අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයෙකුගේ සිරුරට හදිස්සියේම ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරි වරයෙකු ශිව ශී සුන්ද රේශන් නැමැති කුරුක්කල් තනතුර දරන 44 හැවිරිදි පුද්ගලයෙකි .
මියගිය පූසාරි වරයා කෝවිල් උත්සවයේ දී පන්දම් පත්තු කර නර්තනයේ යෙදෙමින් සිටියදී අත දරා සිටි පන්දමෙන් එක වරම ඇඳ සිටි සාරිය ට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ඇවිලී මුළු සිරුරම ගිනි ජාලාවකින් වෙලි ඇතැයි පොලිසිය කියයි
වහා ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පිරිස ගින්න නිවා දමා තී රෝද රථයකින් පිබුර රෝහලට ඇතුළත් කර මුලික ප්‍රතිකාර ලබාදී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.අගලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ /ඉංගිරිය නිමාලි කහවල
