ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුද්ගල මළසිරුරක්
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තෙවන මහලේ පුටුවක් මත මියගොස් සිටි පුද්ල යකුගේ මළ සිරුරක් අද (4) පෙරවරුවේ හමු වූ බව තලංගම පොලිසිය කියයි
මෙම පුද්ගලයා වසර 20 ට අධික කාලයක සිට එහි පිරිසිඳු කිරිමේ අංශයේ සේවය කරන සේවකයකු බව පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය ශාන්ති විහාර මාවතේ පදිංචිව සිටි කේ ඒ ධර්මසේන නැමති 73 රිදී පුද්ගලයෙකි
රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එහි හමුදා සෙබළකු අද පෙරවරුවේ තෙවන මහලේ පිරිසුදු කිරිමේ අංශය වෙත යමින් සිටිති මෙම පුද්ගලයා පුටුව මත කතා බහක් නොමැතිව සිටිනු ඉරියව්ව දැක ඒ සම්බන්ධයෙන් සැක සිතී ඒ බව ඉහළ නිලධාරීන් දැනුම්වත් කර ඇත.
අනතුරුව පිරිසක් පැමිණ සොයා බැලීමේ දී ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇත.
පසුව තලංගම පොලිසිය වෙත සම්බන්දෙන් දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ මූලික විමර්ශන පැවැත්වීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
