බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව හා මධ්‍යම පළාත්වලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.