saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4329 hours ago

LATEST

විදුලියටත් මිල සූත්‍රයක්

calendar_today 2023 ජන 10 - 12:27 remove_red_eye - 426  

විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ දාහතරක් සමග පුද්ගලයින් දෙදෙනකු සහ අනුබලදීම මත තවත් අයෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

Read More

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වේ.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බලසීමාවේ කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව ඝාතනය වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යයක් රුපියල් කෝටි 100 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් අද (10දා) අලුයම මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලීසිය ප්‍රකාශ කළේය .

Read More

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් සම්බන්ධව වහාම මැදිහත් වී එම රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊයේ (09) උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයන්වලට පොළඹවීමකින් තොරව වාර්ෂික බෝනස් මුදල් ලබාදීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටීන්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

Read More

විදේශ රැකියාවලට යෑම සඳහා නියෝජිත ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා නියෝජිතායතනයේ නීත්‍යනුකුලභාවය තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

තමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.

Read More

සංචාරක නවසීලන්තය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් කඩුළු 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානය සමත්විය. මෙම තරගය කරච්චි හිදී පැවැත්විණි.

Read More

වේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.

Read More

’’විවිධ රාජ්‍ය සංස්ථාවල සේවක ගිවිසුම්වල උපයන විට ගෙවන බදු අදාල ආයතනය මගින් ගෙවිය යුතු බවට සඳහන්ව තිබුණා. හැබැයි දැන් අපිට එවැනි අකාරයේ අකාර්යක්ෂමතා කරන්න බෑ. මේ ගැන පැහැදිලිව නිරවුල්ව සොයා බලා පැහැදිලි චක්‍ර ලේඛයක් ආයතනවලට යැවීමට නියමිතයි. කිසිම ආයතකයක් උපයන විට ගෙවන බදු ගෙවන්න බෑ.’’

Read More

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

Read More

(UPDATE) විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත තිරිඟු ටොන් 49500ක් රැගත් නෞකාවක් යුක්රේන වරායෙන් පිටත්වූ බව ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.

Read More

විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළකර ඇති ඒ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ. මේ පිළිබවඳ කථානායකට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබේ.

Read More

දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් ප්‍රිටෝරියස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇත

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

ඇය ජනපතිධුරය හෙබවූ කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සිදුවූ බෝම්බ පිපිරිම් හා මරාගෙන මැරෙන ප්‍රහාර ලැයිතුව හා මියගිය දහස් ගණනක් සිවිස්ල වැසියන් මෙන්ම සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කිරිම පහසු කටයුත්තක නොවන බවද ඔහු පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරනු ලබන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (08දා) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

Read More

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා ( 8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන්

Read More

මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයාව ඒටිඑම් මැෂින් වලින් මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

Read More

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

වෙළඳ සැල් 15 ක් කඩා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර සියලු දේ ඇති එක වහලක් යටින් කඩයක් දාන්න සිටී රජවත්තේ කොන්ඩයා නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.