දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු දරකතන 8ක් සහ සිම්පත් 73ක් සමග ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන 13ක මුදල් වංචා සම්බන්ධයෙන් පැමිණිලි ඇති බවද පොලිසිය පවසයි.
අපරාධ වැළැක්වීමේ රාජකාරියේ නිරතව සිටි ගම්පහ පොලිසියේ කණ්ඩායමක් ගම්පහ නගරයේ දී නගරයේ දී සැකකරු සැකපිට අත්අඩංගුට ගෙන පරික්ෂා කිරීමේදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු මුදල් වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවට හෙළි වී ඇත.