තෙල් සංස්ථාවේ සියයට 17ක් මූලික වැටුපට සමානව අතිකාල අරන්
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සේවය කරණු ලබන සේවකයින් 2,296ක අතුරින් සේවකයින් 998 දෙනෙකුගේ අතිකාල දිමනාව ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට 50 ඉක්මවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව සේවකයින් 391 දෙනෙකු හෙවත් සමස්ත සේවකයින්ගෙන් සියයට 17කගේ අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.
ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අතිකාල දිමනා පාලනය කළ යුතු බවත් අතිකාල සදහා අනුමත සිමාවන් ස්ථාපිත කළ යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අතිකාල පැය සදහා අනුමත සිමාවන් පැනවිම තුලින් අතිකාල පාලනය කිරිමට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 01 දින සිට කළමණාකාරිත්වය තිරණය කරඇති බවය.
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
රවින්ද්රශ්රිලාල් ජිනේෂ් නානායක්කාර
popular news
-
චින්තක Wednesday, 07 June 2023 01:27 AM
සංථාවට පාඩුවක් වුනාම ඒ අඩුව පුරවන්න මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම් කිරීම මේකට හේතුවක් වෙනවා පුද්ගලික අංශයේ තියෙනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ ඔය ආයතන පුද්ගලික අංශයට නොදෙන්නෙ මැතිවරණ අවස්ථාවේ උදව්කරන පෙන්දන්ට රැකියා දීමට මිස වෙනත් එකකට නොවෙයි පුවතක් දැක්කා බොරතෙල් නැවකින් තෙල් ලීටර් ලක්ෂ පහලොවක් අතුරු දහන් වුනා කියලා කොපමණ නාස්තියක්ද ඒකට නල පද්ධතිය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න ඕන විශේෂයෙන් මිනුම් ගන්නා තැනින් පසුව වෙනත් කෙනෙකුට පොම්ප වෙනවා වෙන්න පුළුවන් ඒක කරන්න බැරිනම් සෑම අංශයකටම නවීන පරිගණක ආශ්රයෙන් මිනුම් ගැනීමට විධිවිධාන යොදන්න ඕන කොහොම වුනත් මාලිමා කට්ටිය ඕක පාලකයො කරන හොරාකෑමක් කියලා තමයි කියන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

