saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 391 hours ago

LATEST

ළිඳට පැන්න කිව්ව මවගේ මරණය ඝාතනයක්, බාල පත්‍රයා අල්ලයි

calendar_today 2025 ජුනි 29 - 17:19 remove_red_eye - 412  

ගල්නෑව , හෙලබදුගම ප්‍රදේශයේදී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

දේශීය සංචාරකයන්ට මෙතෙක් බාධාවක්ව තිබූ චීනවරාය මාබල් බීච් වෙරළ තීරය හරහා ගුවන් හමුදාව විසින් ඉදිකර තිබූ වැට ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

Read More

අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු යමින් සිටි එක් දින කුඩාධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනාගෙ සිරුරු අද(29) ඉරිදාඋදෑසන බෙන්තොට වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.

Read More

ඊයේ දින තලාතුඔය රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණයින් පිරිසක් හන්තාන කන්ද නැගීමට ගොස් අතරමංවී සිටියදී රාත්‍රිය පුරා ඔවුන් සොයා කළ මෙහෙයුමට පාර් ලිමේන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණ ද එක්වී සිටියේය.

Read More

ඉන්දියාවේ ඔඩීෂා හී පැවති ආගමික උත්සවයක් අතරතුරු ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට තවත් වසරක කාලයක් යනතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග නොමැති පසුබිමක තවත් තරග කිහිපයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසීය.

Read More

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබේ.

Read More

ඊශ්‍රායලය සමඟ පැවැති දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් සම්බන්ධයෙන් විගණනයක් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

Read More

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අදාළව ටෝකන් පත් නිකුත් කිරීම පෙරවරු 6.30 සිට පස්වරු 2.00 දක්වා සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය තුල 2025 ජුනි මස 27 වැනි දින අනතුරට පත් ධීවර යාත්‍රාව සම්බන්ධව තොරතුරු ලද වහාම, නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව, එම මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

Read More

මේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ දරන ලද මත්ද්‍රව්‍ය වටලා අත්අඩංගුවට ගැනීම් 4කදී හෙරොයින් කිලෝ 542ක් හා අයිස් කිලෝ 1216ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

Read More

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකදී අද 28 දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 78කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා (Re-entry visa) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re-entry වීසා හී වලංගු කාලය 2025.07.31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍ර‍ිඩකයන් ‍ ලෙස නිශාන් මධුෂ්ක, ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයන් එක්ව තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයේදී හිටපු නායක දසුන් ශානකට අවස්ථාවක් ලැබී නොමැත.

Read More

(UPDATE) ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ අතර, එම රෙගුලාසි සඳහා මෙහිදී අනුමතිය හිමි විය.

Read More

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි.

Read More

2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද දින සිට (27) ජූලි මස 01 දින දක්වා ආරම්භ කිරිමට තීරණය කර තිබුණද එය නොවැලක්විය හැකි හේතුවක් මත තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Read More

’’මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත.’’

Read More

කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටිපුද්ගලයෙකු ඊයේ (26දා) අතුරුදහන් වී ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පැමිනිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කීපයක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

රටට අවශ්‍ය කරන සීමාව ඉක්මවා කොවිඩ් එන්නත් මිලදී ගැනීම හා වැඩි මිලට එන්නත් මිලදී ගැනීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමිති සඳහය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.