2025.12.03 වන දින රාත්රී කාලයේ නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් සහ මරණකාරිය වයස අවුරුදු 35 ක් වූ නාවක්කාඩුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 23 ක් වන නාවක්කාඩුව ප්රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්රතිකාර ලබයි. නොරෙච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.