saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 409 hours ago

LATEST

ලංගමයට අධි සුඛෝපභෝගී බස් 200ක්

calendar_today 2025 ජුනි 25 - 18:41 remove_red_eye - 483  

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්විය.

Read More

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

Read More

මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව හා රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා යළිත්එළැඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.

Read More

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැදපෙරදිග යුද ගැටුම් පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපාන බවයි. මේ හේතුවෙන් ලෝකයේ තෙල්මිල ඉහළ යාමේ අවධානමක් ඇති බවත්, විදෙස් ප්‍රේෂණවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read More

අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ පොල් වගාවට බලපා ඇති මයිටා හානිය මර්ධනය කිරීමේ උපදේශන වැඩසටනක් හා පොල් වගාකරුවන්ට විලෝපීය මයිටාවන් ලබාදීම අද (25දා) තෝරාගත් ප්‍රදේශ කීපයකදී පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කර තිබුණි.

Read More

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) දින උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

Read More

ඌව පළාත් සභාව මඟින් 2025 වර්ෂයේ පළාතේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන එකොළොස් දහස් හයක් වෙන් කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජූලි මස 04 වන දා ආරම්භ කිරීමට නියමිතය.

Read More

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයින් තිදෙනෙකු ඉරානය එල්ලා මරා දමා ඇති බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි පවසයි.

Read More

ඌමා ඔය ව්‍යාපෘතියේ නොවිසිදුනු ගැටලු විසඳීම සඳහා පත් කරන ලද කැබිනට් අනුකමිටුව අද (26) එහි සභාපති කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හා එම කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණ චාරිකාවක නිරත වන අතර ජනතා ගැටලු භාර ගැනීම අද පස්වරුවේ බණ්ඩාරවෙල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

ටෙල් අවිව් සිට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඉක්මනින්ම ආරම්භ වෙනු ඇති බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ටෙල් අවිව් සිට මේ වන විටත් සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් ප්‍රමාණයක් ආරම්භ කර ඇති බවද ඔහු පවසයි.

Read More

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 කගෙන් පමණ රුපියල් කෝටි 05 ක අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිලිවලට අදාලව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Read More

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා සහභාගි වන විට ප්ලාස්ටික් භාවිතය අවම කර වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Read More

දුම්රිය මාර්ග හා සංඥා අංශයේ අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු මාර්ග හා කර්මාන්ත තාක්ෂණ ශිල්පී සහයක සේවකයන් අද (25) පස්වරු 4.30 සිට අසනිප නිවාඩු දමා පැය 48ක සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පී සේවක සංගමයේ‍ ලේකම් පී.ඩී.එච් .චතුරංග මහතා පවසයි.

Read More

ගම්පොළ නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේදී ඡන්ද 19 ක් ලබා ගත් සමගි ජන බලවේගයේ ඉරුක මිහිරාන් වීරරත්න මහතා සභාපතිවරයා ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ චමින්ද සූරිය කුඹුර මහතා උපසභාපති වරයා ලෙසත් නිතරඟයෙන් තේරී පත් වූහ.

Read More

ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් වර්ගයක් නිසා දේශිය ගිනිපෙට්ටි කර්මානය නැවත වරක් අනතුරට පත්ව ඇති බව එම කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

Read More

මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව සදහන් කරයි.

Read More

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුම හරහා ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසන්නේ ඊශ්‍රා යෙලය ඉරානයට ප්‍රහාර එල්ල නොකළ යුතු බවයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.‍ ඒ එම කාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Read More

ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරානයෙන් දියත් කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව පවසන ඊශ්‍රායල හමුදාව ගුවන් ආරක්ෂක පද්ධති ’’තර්ජනයට බාධා කිරීම සඳහා ක්‍රියාත්මක වන’’ බවත්, නැවත දැනුම් දෙන තුරු නවාතැන් වලට ගොස් එහි රැඳී සිටින ලෙස ජනතාවට පවසන බවත් ඊශ්‍රායෙල හමුදාව පවසයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.

Read More

බලන්ගොඩ නගරසභවෙි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගයේ කේ. .ජි.ප්‍රේමදාස මහතා අද (24) තේරි පත් විය.

Read More

ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවල ’’අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන්’’ පසු සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය පවසයි.

Read More

එළවලු වගාවට අවශ්‍ය පැළ වර්ග, රසායනික පොහොර, කෘමිනාශකද පොලිස් ස්ථානාධිපතිවරුන් ලබා දිය යුතු වේ. එළවලු වගාවේ මුළු ආදායම පොලිස් ලොක්කා විසින් ලබා ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.

Read More

මැදපෙරදිග කළාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කළාපය ( Aero Space ) 06/24 දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් , එම කළාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය 06/24 දින උදෑසන 09.00 ට පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.