saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 379 hours ago

LATEST

කණ්ඩලමේ තවත් වන අලියෙකුට වෙඩි

calendar_today 2025 ජුලි 02 - 12:29 remove_red_eye - 178  

ඉදිරිපස පාදයකට වෙඩි වැදී මාස ගණනාවක් ප්‍රතිකාර ලබන කණ්ඩලමේ හැඩකාරයාට අමතරව කන්ඩලම වැවට සිරිය ගෙනෙන තවත් වන අලියෙකුගේ පසුපස පාදයකට වෙඩි වැදී ඇති අයුරු මේ දිනවල කන්ඩලම වැව ඉස්මත්තේ දී දැකගැනීමට හැකි වී තිබේ.

2026 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව අද (02දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමට කටයුතු කෙරිණි.

Read More

එදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.

Read More

සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත්, බුද්ධම, නාපේ ප්‍රදේශයේ පිහිටි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්,කෙසෙල්කුඹුර රජයේ රක්ෂිත වනාන්තරයේ අක්කර 40ක පමණ කැලෑවක් හෙළිකර, කිසියම් සංවිධාත්මක පිරිසක්, එම ඉඩම් අල්ලාගැනීමට උත්සහකර ඇතැයි ජාතික ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අජිත් අගලකඩ මහතා පවසයි.

Read More

රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 07/01 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිවූයේ පසුගිය කාලයේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගතේ සභාපති ජනක රාජකරුණා පැවැසීය.

Read More

නාඩු හා සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම් මේවර ඉහළ ගොස් තිබෙන නිසා රජයේ සහතික වී මිල රුපියල් දහයකින් ඉහළ දැමිය යුතු බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

ග්‍රී ලංකා ධීවර වරාය නීති ගත සංස්ථාවට රුපියක් කෝටි 198 වියදම් කර ආකරය 2022 වර්ෂය සහ 2023 යන වර්ෂ දෙකට අදාලව ලිඛීත සාක්ෂි මේ දක්වා ලැබී නොමැති බව ජාතික විගණන වාර්ථාවකින් ( 06/29 ) දින නිකුත් කරන ලද නවතම විගණන වාර්ථාවකින් අනාවරණය වේ.

Read More

ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ ගියත් ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළ දැමීමක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකරෙ මහතා සඳහන් කළේය.

Read More

2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ. 2024 වසරේ මැයි මාසයේසී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 544ක් වූ අතර මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 641ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා යළි සක්‍රීය කිරීම සඳහා වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

Read More

මහනුවර ඇහැළේපොළ වලව්වේදී තවත් නොබෝ දිනෙකින් විවෘත වීමට නියමිතමෙරට ප්‍රථම සහ එකමඉටි රූප කෞතුකාගාරයේ විවෘත කිරීමේ උළෙලට සමගාමීවසර්ව රාත්‍රිකපිරිත් දේශනයක් සහදානමය පුණ්‍යකර්මයක්ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Read More

බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම බස් ගාස්තු අඩුවීම ජුලි මස 04 දා සිට ක්‍රියාත්මක වෙයි.

Read More

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

Read More

ජුලි මාසයට අදාළව ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් ගෘහස්ත ගෑස සිලින්ඩර මිල ගණන් වෙනස් නොකිරීමට එම සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ජුනි මාසයේදී පැවැති මිලටම එම සමාගම් දෙක විසින් සිය ගෑස් සිලින්ඩර පාරිභෝගික ජනතාව වෙත ලබාදෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.

Read More

ත්‍රිපෝෂ සමාගමෙහි යන්ත්‍රසුත්‍ර පුර්.ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන් අනුව අදාළ ප්‍රතිලාභීන් වෙත දිවයිනපුරා බෙදාහැරීම සදහා සියළුම කටයුතු ද බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඇතුළු තිදෙනා ලබන 08 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබේ. 2024 වසරේ මැයි මාසයේසී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 544ක් වූ අතර මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 641ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට වසර 75ක් පිරීම නිමිත්තෙන් සමරනු ලබන වජ්‍ර ජයන්තියට සමගාමීව මෙරට විශ්ව විද්‍යාලයක් විසින් පිරිනමනු ලබන පළමු කෘතිම බුද්ධිය පිළිබඳ උපාධි පාඨමාලාව ඉදිරියේදී ආරම්භ කරනු ලබන බව එම පීඨයේ පිඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා කියයි.

Read More

මත්පැන් නිෂ්පාදනය සඳහා මෙරටට අවශ්‍ය සහල් මින් ඉදිරියට පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

Read More

ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය 2025 මැයි මාසයේ දී දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය විය. අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ‍ දී යථා තත්ත්වයට පත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ඉන්ධන මිල වැඩිකළද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය අද (1දා) උදේ අම්බලන්ගොඩදී කැදවා තිබූ මාධය හමුවකදී එම සංගමයේ සභාපති රුවන් පසාද් මහතා කීවේය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගම මෙන්ම සයිනොපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.

Read More

කහවත්ත, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති තිබේ. මෙම වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

සභානායක කාර්යාලයට වෙන්කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථ 02ක් රු.82,920,238කට අලෙවි කිරීමට කටයුතු කළ බව සභානායක කාර්යාල සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.