මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
“දිට්වා” සුළි කුනාටුවෙන් විපතට පත් වූවන් රඳවා සිටි මොනරාගල දිස්ත්‍රික්කේ සියලු සුරක්ෂිතා කඳවුරු (02) වෙනිදා සිට වසා දැමූ බවත් කෙසේ වෙතත් සතියක් යනතුරු එම පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර ලබාදීමට කටයුතු කරන බවත් මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතා පැවසීය.
මොනරාගල දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා කඳවුරු හයක පවුල් එකසිය පනස් හයකට අයත පුද්ගලයින් හාරසිය හතළිස් දෙකක් අවතැන්වී සිටියහ.
පූර්ණ නිවාස හානි විසි තුනක් සහ අර්ධ නිවාස හානි තුන්සිය හතළිස් හතරක් වාර්තාවී තිබිණි.පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.නිවාස වලට සිදුවූ හානි තක්සේරු කොට අවශ්‍යය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් ලබාදෙන බවත් නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් විසි පන්දහසක ආධාරයක් ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ දින වල කුඹුරු වලට සිදුවූ හානි පිළිබඳව ගොවි ජන සේවා දෙපාර්තුමේන්තුව මඟින් තක්සේරු කර ඉදිරියේදී අවශ්‍ය බීජ සහ පොහොර නොමිලේ ලබාදීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

