ජපාන වෛද්‍ය සහන කණ්ඩායමක් කටුනායකට
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආපදා තත්වය යටතේ විපතට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා " ක්ෂේත්රගත රෝහලක් " පවත්වා ගෙන යාම සදහා 41 දෙනෙකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් 12/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම ක්ෂේත්රගත රෝහල හලාවත මහ රෝහල ආසන්නයෙහි ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ .
මෙම රෝහල සදහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපකරණ , රසායනගාර පරීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ද මෙම ජපන් ජාතික වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින් රැගෙන විත් තිබේ .
ජපාන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම රෝහල , සියලුම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබේ.
මේ සදහා පැමිණි වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය 12/04 දින අලුයම 12.23 ට හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් යානයෙන් සහ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

