ආපදා තත්වයේදීත් දිගටම මවුකිරි දෙන්න, පිටිකිරි දෙන්න මව්වරු පෙළඹවන්න එපා
දරුවාගේ උපතේ සිට මාස හයක් (06) ගතවන තුරු එකම ආහාරය මව්කිරිය. මේ කාල සීමාවේ දරුවාට ජලය වත් මව් කිරි වලට අමතරව ලබා නොදිය යුතුය. කුමන ආපදා තත්වයක වුවද මව ජීවත්ව සිටීනම් මවගේ මව්කිරි නිපදවෙයි. දරුවා අසල මව නොමැති විශේෂිත තත්වයක මිස මව්කිරි ලබා දිම දිගටම කල යුතුය.
උපතේ සිට මාස හයක් ගතවන තුරු මව්කිරි දරුවාට පරිපූර්ණ ආහාරයකි.ඉන් දරුවාට අවශ්‍ය සියලු පෝෂණය ලැබෙන අතර රෝග වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ප්රතිශක්තියද , ජලයද දරුවාට ලැබෙන්නේ මව් කිරි වලිනි. එම ප්‍රතිශක්තිය ආපදා වකවානුවේ පැතිරී යා හැකි රෝග වලින් ආරක්ෂා වීමට දරුවාට ඉතා වැදගත් වේ. වයස මාස හයෙන් පසුවද අනෙක් ආහාර සමගම දරුවාට මව් කිරි ලබා දීම කල යුතුය.
මේ ආපදා තත්වය හමුවේ ඇතැමුන් පිටිකිරි,ළදරු පිටිකිරි,කිරි බෝතල් ප්‍රවර්ධනය කරනු නිරීක්ෂණය වෙයි.එසේ සිදු කිරීම සමස්ත ජාතියේම දරුවන්ට කරන හානියකි.එබැවින් එසේ ළදරු කිරිපිටි ප්‍රවර්ධනය කිරීම ,ආපදා සහන සමග බෙදා නොහරින ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සියළු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී. දරුවන්ට මව් කිරි ලබා දීමට මවට සහාය වීමට අවැසි දේ ලබා දීම ,එනම් පහසුවෙන් අසුන් ගැනීමට පුටු,මව්කිරි දීමට මවට ඇඳුම් ,ලදරුවන් උණුසුම්ව තබා ගැනීමට බ්ලැන්කට්,තොප්පි,මේස් ආදිය ලබාදීම වැදගත්ය.මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් අවශ්‍යනම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතන ලෙස
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

