මට වාර්තා අනවශ්‍යයි, වැඩ අවශ්‍යයි
මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. එම ආයතනය විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන් වේ.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට වෙරළ තීරය ආශ්රයෙන් තවත් එවැනි ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි.
මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එබැවින් මෙරට මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වෙරළ ආශ්‍රිතව වෙනත් සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක් දිගකින් යුතුවේ. එබැවින් මෙරට වෙරළ තීරය සංරක්ෂණය කරමින් වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආරක්ෂිත හා තිරසාර සංවර්ධනයක් කෙරෙහි කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන්ට වාර්තා අනවශ්‍ය බවත් තමන්ට අවශ්‍ය වැඩ පමණක් බවත් අවධාරණය කළ අමාත්‍යවරයා හැමදාම සාකච්ඡා පවත්වමින් වාර්තා ඉදිරිපත් කරනවා වෙනුවට එක වැඩක් හෝ කර පෙන්විය යුතුයැයිද අවධාරණය කළේය.
popular news
-
සව්භාග්යයෙන් රට පෙරට Tuesday, 11 July 2023 03:45 AM
ඕක තමයි ප්‍රේමදාස ජනාධිපති තියරිය කියන්නෙ එතුමාට අවශ්‍ය වුනේ වැඩ මිස වාර්තා නොවෙයි නිළධාරින් බොරු වාර්තා හදපුනිසා තමයි මේ රට අවුරුදු 75 තිස්සේ පස්සට ගියේ එහෙම එක් උදාහරණයක් කිව්වොත් ඩඩ්ලි සේනානායක මැතිතුමා අගමැති වෙලා සිටිද්දී වගා සංග්‍රාමය තිබුනා නිළධාරින් කලේ සමහර ප්‍රදේශවල රිලා තණ කියන තෘණ වර්ගය වවා පෙන්වීම තමයි ඈතක සිට බැලුවම ඒවා සාරවත් කුඹුරු වගේ පේනවා ඇත්තටම දැන්වත් මැති ඇමතිලා පළමුවෙන්ම අදාල වැඩබිම් වලට පුද්ගලික කාර් ය මණ්ඩලයේ අය යවා සත්‍ය වටහාගෙන පස්සෙ නිළධාරින් කැදවා ප්‍රගතිය බැලුවොත් රට හදන්න පුළුවන් වේවි
Reply : 0 0
චතුරි Tuesday, 11 July 2023 11:29 AM
අපිට පෙන්න පුලුවන්ද පාසල් කාලයේදි මේ සම්බන්න්ද ගත්තු උපාදි සියල්ල. ඉගෙන ගත්තු දරුවෝ වටේ තියන් මූනිකම් වැඩකාරයා වගෙ සෙවල හලන්නෙ. බඩයි කටයි විතරයි ලේකම්. තනතුරක් වත් කර ගන්න බැහැ ඒ වුනාට ඇමති උගත් දරුවන්ගෙ දැනුම නිසා උබ බේරුනා. මම් දන්න දෘවෙක් තමයි උබටාප්ලැන් දෙන්නෙ. මේ විදියට කරන්න කියලා. කිසිම දැනුමක් නැති එකෙක් ඒ වුනාට උග්ත් කට්ටිය කියන්නෙ. සර් කියලා. වැදපන් දරුවන්ට ලග වැඩ කරන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

