ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවෙන් විටන් විට ගෙනවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණ කළ හැකි රටේජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සදහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර තිබූ කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවැසීය.
"ගෝඨාභය පත් නොවුනානම්, චන්දු්රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුනානම්, මේ රට මේ තරම් ආර්ථික ආගාධයකට ඇද වැටුනේ නැතිනම් මේ ර්ටේ කාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගය තේරෙන්නේ නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැනපු, චෝදනා කරපු මිනිස්සු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කියන්නේ අපිට වැරදුනා කියලයි.
අපිට මීට කලින් රට සාමාන්‍ය තත්වයෙන් පැවති හැම වෙලාවකම අපේ නායකතුමා මේ දේවල් කරන්න හදන විට කකුලෙන් ඇද්දා. බදු පැනෙව්වම බදු කපනවා කියලා ඡන්දේ ගත්තා. පොහොරවලට දුන්න සහනාධාරය නැති කළාම පොහොර සහනාධාරයක් දෙන්නම් කියලා ඡන්දේ ගත්තා. ඒ වගේ ඡන්දය ගැනීම වෙනුවෙන් පොරොන්දු දෙන, මිනිස්සු රවට දේශපාලනය අවසන් වන තරමට මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. හරි මාවතක, ගමනක් යන්න පුලුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පමණයි කියන එක මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි.
තෙල්, බෙහෙත්, ගෑස් නැතිව මිනිස්සු පෝලිම්වල මැරෙන්න යන වෙලාවේ අපි කෑ ගහලා කිව්ව වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා රට භාරගත්තා නම් මොකද වෙන්නේ? එදා අගමැතිධූරය භාර නොගැනීම සම්බන්ධයෙන් අපි අත් දෙකම උස්සලා ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු එදා අගමැතිධූරය භාරගත්තා නම් මේ රට මෙහෙම ගොඩ ගන්න ලැබෙන්නේ නෑ.
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු ත්‍රාඩයින් හරවලා යවන්න ඔහුට පුලුවන් වේවිද? අපි අපේ මිනිස්සුන්ගේ දේවල් බලාගන්නම් කියලා ඇමරිකාවට, එංගලන්තයට, කැනඩාවට කියන්න පුලුවන් වේවිද? අපේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? හැම දේටම වඩා මට මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? සජිත් ප්රේමදාසටග එහෙම කියන්න කොන්දක් නෑ. ඒ කොන්ද තිබුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. මේ රට ගොඩ නැගීමේ සිහිනය, මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියන අදිශ්ඨානය හැර දෙන කිසිවක් එතුමට තිබුණේ නෑ. හතර වටෙන් වට කරලා ගහද්දී, ගේ ගිනි තියද්දීත්, මේ ර්ටේ මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කියලා හිතන නිසා තමයි එතුමා මේ අභියෝග භාරගත්තේ.
එතුමා මේ අභියෝගය භාරගත්තේ නැතිනම් කී දාහකගේ ගෙවල් ගිනි තියලද? අද පාර්ලිමේන්තුවක් නෑ. රට පාලනය කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්. මේ තතව්ය වෙනස් කරලා රට අද තියෙන තත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා."