පොලිස් අණ නොතකා ඩිපෙන්ඩරයෙන් වැඩ දැමූ බාලිකාවන් අත්අඩංගුවට
පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කරයි.
මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් තිබු මෙම ඩිෆෙන්ඩර් රථය නවත්වන ලෙසට මාර්ගයේ රාජකාරි කල මරදාන පොලිසියට අනුයුක්න නිලධාරින් විසින් සංඥා කර ඇති අතර එය නොතැකු ඔවුන් රථය ඉදිරියට ධාවනය කර තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් එම ඩිෆෙන්ඩර් රථය පිලිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.
ඒ අනුව මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්යේදි තවත් පොලිස් නිලධාරින් පිරිසක් රථය නවත්වන ලෙස සංඥා කර ඇති අතර එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවන කර තිබේ. පසුව කොළඹ කැෑ පොල ආසන්නයේ රැදි සිටි පොලිස් නිලධාරින් විසින්ද එම රථය නවත්වන ලෙස සංඥා කර ඇති අතර එයද නොතකා ඔවුන් රථය ඉදිරියටම ධාවනය කර ඇති අතර පසුව ක්‍රියාත්මක වූ පොලීසිය රථය පිටුපස හඹා ගොස් එය නවත්වාගැනීමට සමත්ව තිබේ.
එහිදි සැකකාර තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක්ද සිදුව ඇති බවත් පසුව තරුණියන් පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර තරුණියන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරණු ලබයි.
popular news
-
Kumar Monday, 10 July 2023 05:55 PM
oyagollo nama palakaranney naththey lokkek gnathiyek nisa wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

