පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ ප්‍ර දේශයේ පිහිටි හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට 119 තොරතුරු මධ්‍යස්ථානය මගින් ලද පණිවිඩයක් මත පන්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රංගල හා වත්තේගම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේසහාය ඇතිව වැටලීමක් සිදුකළ බව පොලීසිය පවසයි.
මෙම සාදයට පැමිණි සිටි පිරිමි පුද්ගලයන් 98ක් හා කාන්තාවන් 13ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. සාදය සංවිධානය කරන ලද සැකකරුවන් දෙදෙනෙකු ඇතුළුව සැකකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 150ක්, හැන්ඩ්ස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 250ක්, ගංජා මිලි ග්‍රෑම් 740ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 210ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරවන් අවුරුදු 21ත් 33 ත් අතර වයස්වල පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, මුරුතලාව, උකුවෙල, ගම්පොල, නුවරඑළිය හා පේරාදෙණිය ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර පන්විල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.