උතුරේ කිරි පිට පළාත්වලට යාම නැවැත්වීමට අවධානය
උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් සී.රාකේෂ් නට්රාජ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම උතුරු පළාතේ කෘෂිකාර්මික , සත්වපාලන, හා ග්‍රාමීය කර්මාන්ත ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණයන් ගනු ලැබිය.
එමෙන්ම උතුරු පළාතේ එකතුවන දියර කිරි ආරක්ෂා කරමින් උතුරේම දියර කිරි ආශ්රිත නිශ්පාදනයන් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අදාල පිරිස් ඉන්දියාවට රැගෙන ගොස් නව නිපයුම් හා නිශ්පාදන කටයුතු පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බවටද මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය කොන්සල් ජනරාල්වරයා පැවසීය.
උතුරු පළාතේ බොහෝ ප්‍රමාණයක් ගව සහ එළුවන් ආශ්රයෙන් දෛනික ජීවිකාව සිදුකරන අතරම දෛනිකව ලබාගන්නා කිරි වලින් වවිධ නිෂ්පාදනයන් සඳහා ඔවුන්ට දැනුම ලබාදෙන්නේ නම් උතුරේ වැසියන්ගේ ආර්ථිකය තවත් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ඇති හෙයින් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය පැවැසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

