ජනපති සමග ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා
පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තමන්ගේ නිවසේ ඇතිකරගත් බල්ලා සොරකම් කරගෙන ගිය පුද්ගලයාත් හිරේ ගිය බවත්, පාර්ලිමේන්තුව ගිනිතැබීම්ට ආ පුද්ගලයන්ගෙන් අඩුතරමේ කට උත්තරයක්වත් ලබාගැනීමට නොහැකිවීම පිළිබඳ තමා කණගාටුවන බවද රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ආසන බලමණ්ඩල රැස්වීම පසුගිය 8 වෙනිදා මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී පැවති අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් රට යම්කිසි ස්ථානයකට ගෙනල්ලා තියෙනවා අපි විශ්වාස කරනවා. හැබැයි අපි අතර ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අපි ඒ මොහොතේ තෝරාගත්තේ පාර්ලීමේන්තුව තුළින් හොඳම විකල්පය හැටියටයි.
හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 55 ක දේශපාලන ප්රතිපත්තියත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ අවුරුදු 45 ක දේශපාලන ප්‍රතිපත්තිය තවම වෙනස් වෙලා නැහැ. අපිට වගකීමක් තියෙනවා වර්තමානයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාවාදී ප්‍රතිපත්ති බවට පරිවර්තනය කරන්න.
සමෘද්ධිය ව්‍යාපාරය තුළින් මේ රටේ විශාල සහනයක් ලැබිලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ රටේ නායිකාව වෙනකොට අපේ රටේ දුප්පත්කම දරිද්‍රතාව සීයට විසිහයකට වැඩියි. ඒ නිසා එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරා. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ රුපියල් පන්දහක් දීලා අයින්වෙන එක නෙමෙයි.
සමෘද්ධිය බැංකුව හරහා දුප්පත් අම්මාගේ, තාත්තාගේ, දරුවා ව්‍යවසායකයෙක් හැටියට පත් කරනවා. අනිත් පැත්තෙන් ඒ පවුලේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරනවා, අපි පිළිගන්නවා සමෘද්ධිය යාවත්කාලීන විය යුතුයි කියලා.
සමෘද්ධිය ලැබිය යුත්තන්ට ලැබෙන්න ඕනෙ නොලැබිය යුතු අයගෙන් අපි ඒවා අයින් කරන්ඩ ඕනේ. අස්වැසුම කියලා තව ව්‍යාපෘතියක් ඇවිල්ලා තියෙනව. ඒක තෝරාගෙන තියෙන ක්‍රමය වැරදියි අපි දන්නවා, සමෘද්ධිලාභීන් ලක්ෂ දහහතක් ඉන්නවා අපේ රටේ. ඇස්වැසුමෙන් ලක්ෂ විසිහයකට සහන ලැබෙනවලු, නමුත් ලැබිය යුත්තාට ලැබිලත් නෑ.
ඒ උනාට පාරේ අරගල කරලා ජගත් සමරවික්‍රම මංත්රිවරයාත් පසුගිය දවසක දිඹුලාගලදී විශාල ඇබැද්දියකට මුහුණ දුන්නා. දෙන්න ඕන ප්‍රමාණයත් වැඩි වෙලා එහෙනම්, අස්වැසුම දීලා තියෙන්නේ කොහොමද. ඒව තෝරා ගත්තේ, කොහොමද ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා.
එහෙනම් අපි කියනවා මේ ආණ්ඩුවට මේ සමෘද්ධිය යාවත්කාලීන කරලා සුදුසු අයට ලබාදෙන්න කියලා. අස්වැසුම නවත්තන් නැතුව සමෘද්ධි ව්‍යාපාරයේ දැවැන්ත අරමුණත් එක්ක වැඩකටයුතු කරන්න ඕනේ. ජනතාව වෙනුවෙන් අපි හදපු ප්‍රතිපත්ති, අරගලයෙන් පසුව මේ ආණ්ඩුව සිදු කරන්නෑ කියලත් කණනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ.
ඒ නිසා පොදුජන පෙරමුණ හැටියට අපිට වගකීමක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්ති, ප්රතිලාභ ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේ ලබාදීමට. "
popular news
-
ධර්මසේන Monday, 10 July 2023 12:40 AM
අස්වැසුම දුන්නෙ නම් පොහොට්ටු පාක්ෂිකයන්ට කියලා ඉතාමත් පැහැදිලියි මොකද සමහර පවුල්වල රජයේ විශ්‍රාම ගන්නා පියා සිටිද්දී එම ගෙදර ඉන්න අවිවාහක පුතාලට දීලා තියෙනවා මාසිකව ඉහළම ආදායම් තියෙන අයටත් දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර ලියාපදිංචි රජයේ කොන්ත්‍රාත් කාරයින්ට අනුමත කරල තියෙනවා මේවා ඉතාමත් සත්‍ය දේවල් .අපිට ඕවට විරුද්ධව කොල පුරවා මහන්සි වෙන්න වියදම් කරන්න බැහැ අඹුසැමියන් දෙදෙනාම රැකියා කරද්දී ඔවුන්ට දීලා තියෙනවා ඇත්තටම මේවා හෙලිවූ දවසක සියයට විසිපහක දඩයක් සමග අයකරනවා කිව්වොත් ඔය අස්වැසුම ලැලැයිස්තු බොහොමයක් කෙටිවේවි නමුත් මේක මෙහෙම ගියොත් පොහොට්ටුව ඊළඟ ජනාධිපති වෙනවා කියලා අනිවාර්යයි
Reply : 0 0
rani Monday, 10 July 2023 04:13 AM
තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

