
තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් දෑස් අන්දවූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් විසින් වෘත්තිය සමිති හා බහුජන සංවිධාන සමගින් එක්ව සෞඛ්‍ය ලේඛම්වරයා වෙත තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
අක්ෂි රෝහලින් ලබා දුන් දියර වර්ග භාවිත කිරීම නිසා දෑස් අන්ධ භාවයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් එදිනෙදා ජන ජීවිතය පවත්වාගැනීමේ ගැටලු පැන නැගී ඇති බවත් මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුව ඇති බවත් මෙහිදි ඔවුන් සඳහන් කර තිබේ.
මෙම අවස්ථාව සඳහා එක්ව සිටි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරනුයේ තමන් මේ පිලිබඳ මෙන්ම බාල ඖෂධ භාවිතයෙන් ජන ජීවිතයට බලපානු ලබන අනතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරුන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දුන්නට ඔවුන් ඒවා නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මෙම ප්‍රථිපලය උදා වූ බවයි.
ඔහු සඳහන් කරනුයේ තව දුරටත් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බැවින් වර්ථමාන සෞඛ්‍ය පරිපාලනය වෙනස් කිරීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් විය යුතු බවයි.
තිසර ගංගාදර