ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට self loading knuckle boom වර්ගයේ ට්‍රේලරයක් දුම්රිය මැදිරි නිශ්පාදනයටද අතගසා තිබෙන දේශීය කර්මාන්තකරැවකු වන තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.
ඉකුත් දිනක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කර්මන්ත ප්‍රදර්ශනයේදී, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය එළිදක්වන්නට යෙදුනි.
එය 100%ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ට්‍රේලරයක් වීම විශේෂත්වයක් වන අතර ටොන් 15ක් දක්වා බරක් එසවීමට සහ ට්‍රේලරය මත ටොන් 40ක් දක්වා බරක් පැටවීමට හැකියාව එහි ඇතැයි එහි නිලධාරින් පැවසීය.
මෙමගින් දුම්රිය මැදිරිද පහසුවෙන් එහා මෙහා කල හැකි බවද එම නිලධාරින් පැවසීය.
මීට අමතරව එහි ඇති දොඹකරය මීටර් 14 ක් දක්වා උසකට එසවීමටද හැකි බව තන්ත්‍රි ට්‍රේලර්ස් සමාගම සහතික වෙයි.
ටොන් 3ක සිට ඉහළට බර එසවීමේ ධාරිතාවක් සහිත දොඹකර සහ ටොන් 40 සිට ඉහළට බර දැරිය හැකි ට්‍රේලර් වර්ග යොදාගෙන මෙම නිෂ්පාදනය කර ඇත.
පාරිභෝගිකයාගේ අභිරුචිය පරිදි වෙනස් කරගත හැකි බැවින් ඔවුන්ගේ නිශ්චිත අපේක්ෂාවන් සපුරාලීමට තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික ආයතනයට හැකියාව ඇති බව ඔව්න් පවසයි. දොඹකරය කෙලින්ම ට්රේලරයටම අනුබද්ධ කිරීමෙන්, භාණ්ඩ එසවීම හා භාණ්ඩ ප්‍රවාහනය සදහා වාහන වර්ග දෙකක් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයා හට මෙම නිෂ්පාදනය අත් කර දෙන ඉතිරිය සුළුපටු නොවේ. තවද, දොඹකරය ප්‍රයිම් මුවර් එකට ඒකාබද්ධ කිරීමට ද තන්ත්‍රි සමාගමට හැකියාව ඇත.
මොරටුව රේඛා තරංගනි ෆොන්සේකා


