වන්දනා නඩයක් රැගත් බස්රථයක් අද (10 දා) අලුයම 3.20 ට පමණ අඹන්පොල නගරයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.
තලාව.ප්‍රදේශයේ පිරිසක් කූරගලට වන්දනා ගමනක් ගොස් ආපසු එමින් සිටියදී පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ අඹන්පොල නගරයේදී , නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස ගල්ගමුව හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි. යුද හමුදා සාමාජිකයෙක්ව හා කාන්තාවක් මෙම අනතුින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් තලාවේම පදිංචිකරුවන් වෙයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
