ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඇතැම් ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා ඇති අතර තවත් ඉන්ධන වර්ග වල මිල අඩුකර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර නව මි රුපියල් 348කි. එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358කි. කෙසේ වෙතත් සුදු ඩීසල් මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 306කි.
මිට අමතරව භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.