වව්නියාව බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් වූ සරම්ප රෝගයට සමාන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට පමණ තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර වව්නියාව බන්ධනාගාර නියාමක නිලධාරීන් පවසති.
මෙම සරම්ප රෝගී තත්වය පසුගිය ජූලි 27 බන්ධනාගාර රැදවියන් කිහිපදෙනෙකුට වැළඳී තිබීම හේතුවෙන් එම රැඳවියන් හා සමීපව ඇසුරු කරන ලද රැඳවියන් සඳහා සීමා පනවා තිබුණි.
කෙසේ වෙතත් රෝගී රැඳවියන් දිනෙන් දින වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ ඊයේ (31) සිට වසාදැමීම සඳහා පියවරගත් බවටත් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමන බවටද බන්ධාගාර නියාමක වරුන් කියා සිටියහ.
මෙම තත්වය යටතේ වවුනියාව බන්ධනාගාරයේ රැදවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට හො නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයන් වෙත රැගෙන යාමද තාවකාලිකව නවතා දමා ඇති අතර අදාල නඩු කටයුතු සූම් තාක්ෂණය ඔස්සේ පැවත්වීමට පියවර ගෙන ඇති බවටද වාර්ථා වෙයි.
මේ අතර අලුතින් වව්නියාව අධිකරණය මගින් බන්ධනාගාරගත කරන සැකකරුවන් බස්රථ මගින් අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට මේ වන විට පියවර ගෙන ඇත.
වවුනියාව බන්ධනාගාරයේ රැදවියන් 400 අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 ක ප්‍රමාණයක් සේවය කරන අතරම පවතින තත්වය දැඩි වඅධානම් බවටද වාර්ථා වෙයි.