කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මාස ගණනාවකට පසුව නැවතත් උද්ධමනය තනි ඉලක්කමකට පැමිණ තිබේ.
ජුනි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් විය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ. එය පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා වුණි.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ පැවති 16.2%ක අගය මේ මාසයේ 10.5% දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.