අස්වැසුම සමාජ සුබ සාධන ප්රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසට අවශ්‍ය බැංකු ගිණුම් ආරම්භ කිරිම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
අස්වැසුම ප්රතිලාභ ගෙවීම සඳහා අද වන විට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු මේ වන විට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති අතර ප්රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.