2023 වසරේ පළමු මාස හත තුළ සංචාරක පැමිණීම් දැනටමත් 2022 මුළු වසර සඳහාම වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් ඉක්මවා ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරයේ තාවකාලික දත්ත පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි 1 සිට ජූලි 27 දක්වා කාලය තුළ සංචාරක පැමිණීම 2022 වසරේ සමස්ත සංචාරක පැමිණිම්වලට වඩා සියයට 4ක ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව එම දත්ත පෙන්වා දෙයි.
2023 ජනවාරි 1 සිට ජූලි 27 දක්වා සංචාරක පැමිණීම් 748 377ක් වූ අතර එය 2022 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් 719,978ක ප්‍රමාණය අභිබවා යාමකි.
වසරේ මුල් මාස හත තුළ හයවන වරටත් 100,000 පැමිණීමේ සන්ධිස්ථානය අභිබවා යමින් ශ්‍රී ලංකාව ජූලි මාසයේ පළමු දින 27 සඳහා 120,000කට අධික සංචාරකයින් පිරිසක් ලංකවට පැමිණ ඇත. දත්ත වලට අනුව ජූලි 1 සිට 27 දක්වා සංචාරකයන් 123,508 ක් රටට පැමිණ තිබේ. දෛනික පැමිණීමේ සාමාන්‍යය 4,574 ක් වූ අතර සතිපතා පැමිණීමේ සාමාන්‍යය 30,877 ක් පමණ විය.