saravita-anim2

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා

Sports - timelapse 285 hours ago

LATEST

ශ්‍රී ලංකා ප්‍රධාන වේග පන්දු යවන්නෙක් අද තරගයට නෑ

calendar_today 2025 සැප් 23 - 18:55 remove_red_eye - 166  

අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13න් හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වෙයි.

Read More

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දුනිත් වෙල්ලාගේගේ පියාට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ක්‍රීඩකයන් අද දිනයේදී කලු පැහැති අත්පටි පැළඳගෙන ක්‍රීඩා කරනු ලබයි.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. මෙය සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය වෙයි.

Read More

තම පියාගේ අභාවයට එක්වූ දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රී නැවතත් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

ක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.

Read More

මෙම දුෂ්කර මොහොතේ, ඔබ තනි නොවන බව මතක තබා ගන්න. පියෙකු මෙන් මම ඔබ වෙනුවෙන් සිටිමි - ඔබට මඟ පෙන්වමින්, ඔබ සමඟ සිටගෙන, සහ සෑම පියවරකදීම ඔබට සහාය දෙමි. මුළු කණ්ඩායම, ජාතිය සහ මෙම ක්‍රීඩාවට ආදරය කරන සෑම කෙනෙකුම ඔබේ පැත්තේ සිටිති

Read More

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයටද දුනිත් ක්‍රීඩා කරනු ලැබීය.

Read More

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ (09/15) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ආසියානු කුසාලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයේශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක් අලුත් කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්විය.

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ට ලකුණු 149ක් රැස් කිරීමට සමත්විය.

Read More

ආසියානු කුසලාන තරවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.

Read More

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් වයස අවුරුදු 46 දී මිය ගොස් තිබේ. මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් හි හයිඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. ඔහුගේ මරණය සැක සහිත නොවන බව පොලීසිය පවසයි.

Read More

අඩුම ඉනිම සංඛ්‍යාවකින් විස්සයි20 ලකුණු 2000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. පැතුම් සිය විස්සයි20 ලකුණු 2000 ඉනිම 68කින් පසුකර ගියේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ කුසල් පෙරේරා ඒ වෙනුවෙන් ඉනිම 76ක් වැය කර තිබුණි.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතය.

Read More

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.

Read More

පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරග තුනකට හා ශ්‍රී ලංකාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තුන්කොන් විව්සයි20 තරගාවලියට එක්වීම සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදි පාකිස්තානයේදී සංචාරය කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නොවැම්බර් මස 11 දා සිට 29දා තෙක් මෙම තරගාවලිය පැවැත්වෙයි.

Read More

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(09දා) ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(09දා) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

පන්දුවාර 7.1කදී කඩලු දෙකක් දැවී ලකුණු 76ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ වේගවත් ආරම්භය එලෙසින්ම ඉදිරියට රැගෙන ගිය කමිල් මිෂාර 73* (පන්දු 43) හා කුසල් පෙරේරා 46* (පන්දු 26) තුන්වැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 117ක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

Read More

ජෛව සංරක්ෂණ සංගමය මඟින් සංවිධානය කරන ලද ’’සොබාදහම සඳහා ක්‍රීඩාව’’ වොලිබෝල් තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වෙනි දින පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කල්පිටිය, මුදලප්පාලි වොලිබෝල් පිටියේදී (දිවා රාත්‍රී තරඟාවලියක් ලෙස) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

Read More

42 හැවිරිදි මිශ්‍රා ටෙස්ට් තරග 22 ක්. එක්දින තරග 36 ක් හා විස්සයි20 තරග 10 ක් ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුළු 156 ක් දවා ගැනීමට සමත්වී ඇත.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(03දා) පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ​ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 07කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත්ව තිබේ.

Read More

චීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය අද(03දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.