පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනා කණ්ඩාම හා ඊජිප්තු කණ්ඩයම අතර පැවැති තරගය ගෝල 3-2ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. තරගයේ මුල පටන්ම ඉදිරයෙන් සිටි ඊජිප්තුව 67 වැනි විනාඩිය වන විටත් ගෝල 2-0ක් ලෙසින් ආජන්ටිනාවට දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටියේය.
කෙසේ වෙතත් තරගයේ 79 වැනි විනාඩියේදී ක්රිස්ටියන් රොමිරෝ, 83 වැනි විනාඩියේදි ලියොනාල් මෙසී, 93 වැනි විනාඩියේදී ඒන්සෝ ෆර්ඩිනැන්ඩෙස් ආජන්ටිනාව වෙනුවෙන් ගෝල රැස් කරමින් තරගය ජයග්රහණය කළේය. තරගයේ අවසන් භාගයේදි දැඩි ආක්රමණශීලිත්වයක් පෙන්නුම් කළ ආජන්ටිනා කණ්ඩායම විනාඩි 14ක් තුළ තරගය තමන් යටතට ගැනිමට සමත්විය.
