සූර්යවංශිගේ අයර්ලන්ත සංචාරයට දෙමාපියන් රැගෙන යාමට අවසරය
ජුනි සහ ජූලි මාසවල ඉන්දීය ජාතික කණ්ඩායම අයර්ලන්තයේ සහ එංගලන්තයේ සිදුකිරීමට නියමිත තරග සංචාරයට යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශිද ඇතුළත් අතර ජාතික කණ්ඩායම සමගින් ඔහු කරන පළමු සංචාරයේදී සූර්යවංශිෙිිි දෙමාපියන්ද රැගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ.සංචාරයේ වියදම් BCCI විසින් දරනු ඇති බව මණ්ඩල ලේකම් දේවජිත් සයිකියා පැවසීය.
"ඔබට පෙනෙනවා, ජ්‍යෙෂ්ඨ මට්ටමේ සියලුම ජාතික කණ්ඩායම්වල ඔවුන්ගේ සංචිතයේ අවුරුදු 14ක් හෝ 15ක් වයසැති දරුවෙක් නෑ. දශක ගණනාවකට පසු, අපට වෛභව් සූර්යවංශි වැන්නෙක් ඉන්නවා. එක් කාලයකදී, මෙතරම් කුඩා අවධියේදී ජාතික කණ්ඩායමට පැමිණියේ සචින් තෙන්ඩුල්කාර් ය. එවැනි කුඩා දරුවෙකු ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ කොටසක් වන විට, පැහැදිලිවම ගැටළු රාශියක් පැන නැගිය හැකියි.
"එබැවින්, ඔහුව සුවපහසු කිරීමට සහ වැඩිහිටි පරිසරයකට හුරුවීමට ඔහුට උපකාර කිරීමට මෙය ඔහුට උපකාරයක් වේවි. කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම් කළමනාකරණයේ අයත් අවුරුදු 18ට වැඩි අයයි. ඔහුට දෙමාපියන් සිටීම ප්‍ර යෝජනවත් වෙනු ඇති. අපි මෙය කරන්නේ වෛභව් සම්බන්ධයෙන් ගත් කල, එය බොහෝ ගැටලු සමනය කරනු ඇතැයි අපි විශ්වාස කරන නිසා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

